Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියාවට ලකුණු 462 ක ඉලක්කයක්

ඕස්ට්‍රේලියාවට ලකුණු 462 ක ඉලක්කයක්

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයට එරෙහිව ඩුබායිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ අද (10වැනිදා) තරගය අවසන් කරනවිට පරාජයෙන් ගැලවීමේ සටනක නිරතවන ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම සඳහා කඩුලු 3 ක් දැවී ලකුණු 136 ක් රැස්කර සිටියේය.

හෙට තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඕවර 90 ක් තුළදී ජයග්‍රහණය සඳහා ලකුණු 326 ක් ලබාගැනීමට හෝ පරාජයෙන් ගැලවීම සඳහා ඉතිරි කඩුලු 7 ආරක්‍ෂා කරගත යුතුව ඇත.

උස්මාන් කවාජා (නොදැවී 50) සහ ට්‍රැවිස් හෙඞ් (නොදැවී 34) එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 49 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමේ සටනක නිරතව සිටිති.

ලකුණු 280 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ පාකිස්තාන කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 181 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය. ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 462 ක ඉලක්කයක් හිමිවිය.
ලකුණු 48 ක් රැස්කළ ඉමාම් උල් හක් පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ඉනිමේදී වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර අසාද් ශාෆික් ලකුණු 41 ක් රැස්කිරීමට සමත්විය. ජෝන් හෝලන්ඞ් කඩුලු 3 ක් සහ නේතන් ලයන් කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූහ.


පාකිස්තාන පළමු ඉනිම - ඕවර 164.2 කදී සියලුදෙනා දැවී 482
(ඉමාම් උල් හක් 76, මොහොමඞ් හෆීස් 126, හරිස් සොහෙල් 110, අසාද් ශාෆික් 80, පීටර් සිඞ්ල් 58/3, නේතන් ලයන් 114/2)

ඕස්ට්‍රේලියා පළමු ඉනිම - ඕවර 83.3 කදී සියලුදෙනා දැවී 202
(උස්මාන් කවාජා 85, ඒරන් ෆින්ච් 62, බිලාල් අසීෆ් 36/6, මොහොමඞ් අබ්බාස් 29/4)

පාකිස්තාන දෙවැනි ඉනිම - ඕවර 57.5 කදී කඩුලු 6 ක් දැවී 181
(ඉමාම් උල් හක් 48, හරිස් සොහෙල් 39, අසාද් ශාෆික් 41, බාබර් අසාම් නොදැවී 28, ජෝන් හෝලන්ඞ් 83/3, නේතන් ලයන් 58/2)

ඕස්ට්‍රේලියා දෙවැනි ඉනිම - ඕවර 50 කදී කඩුලු 3 ක් දැවී 136
(ඒරන් ෆින්ච් 49, උස්මාන් කවාජා නොදැවී 50, ට්‍රැවිස් හෙඞ් නොදැවී 34, මොහොමඞ් අබ්බාස් 26/3)

 


අදහස් (0)

ඕස්ට්‍රේලියාවට ලකුණු 462 ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.