Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඕස්ට්‍රේලියානු වයස 19 න් පහළ පිල සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී ඊයේ (03) පැවැති පළමු තරගයෙන් ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයෝ කඩුලු හතක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
ඕස්ට්‍රේලියානු යොවුන් පිල ලකුණු 263 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 47.5 කදී කඩුලු තුනක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
ඔලිවර් ඬේවිස් පන්දු 44 කින් හතරේ පහරක් සහ හයේ පහර හතරක් සමගින් නොදැවී රැස්කළ ලකුණු 50 ඕස්ට්‍රේලියානු පිලේ ජයග්‍රහණය ඉක්මන් කළේය.
සෑම් ෆැනින් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 94 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර දෙකක් සමගින් රැස්කළ ලකුණු 108 ඕස්ට්‍රේලියානු පහසු ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය බවට පත්විය.
ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් වූ සෑම් ෆැනින් සහ කොරී හන්ටර් වේගවත් ආරම්භයක් ගෙන දෙමින් පන්දු 116 කදී ලකුණු 114 ක් රැස්කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකා යොවුන් පිලේ ආරම්භක පිතිකරු කමිල් මිෂාර පන්දු 157 කින් ලකුණු 129 ක් රැස්කළේය. කමිල්ගේ ඉනිමට හතරේ පහර 12 ක් සහ හයේ පහර තුනක් ඇතුළත් විය. කමිල් ශතක සම්පූර්ණ කිරීමට පන්දු 145 ක් වැය කළේය.
කමිල් මිෂාර සහ නායක නිපුන් ධනංජය තෙවැනි කඩුල්ලට පන්දු 96 කින් ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් ලකුණු 262 ක් දක්වා ඒමට අවස්ථාව උදාවිය. නිපුන් පන්දුව ස්ථානගත කරමින් පරිනත පිතිකරුවකු මෙන් පහර දෙමින් පන්දු 44 කින් හතරේ පහර 7 ක් සමගින් ලකුණු 47 ක් රැස්කළේය.
කමිල් මිෂාර ලකුණු 96 ක් ලබා සිටියදී ටන්වීර් සන්හාගේ පන්දුවකට කඩුලු රකින බැක්ස්ටර් හොල්ට් වෙතින් පහසු ස්ටම්ප් කිරීමේ අවස්ථාවක් ගිලිහී යෑම ඕස්ට්‍රේලියාවට දැඩි අවාසියක් බවට පත්විය.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ කමිල් මිෂාර සහ නවෝද් පරණවිතාන පන්දු 172 කින් ලකුණු 126 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. මෙම සම්බන්ධතාව මීට වඩා වේගවත් වූයේ නම් සටනක් දීමට ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් රැස්කිරීමේ අවස්ථාව තිබුණි.
ශ්‍රී ලංකා යොවුන් පිලේ නායක නිපුන් ධනංජය කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හුංගම විජයබා ජාතික පාසලෙන් ජාතික යොවුන් සංචිතයට පැමිණි වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මධුසංඛ මෙහිදී ශ්‍රී ලංකා යොවුන් එක්දින වරම් හිමිකරගත්තේය. ඩිල්ෂාන් ඊයේ තරගය ආරම්භ වීමට පෙර සිය පියා අතින් ශ්‍රී ලංකා යොවුන් හිස්වැස්ම ලබාගත්තේය.
ඩිල්ෂාන් මෙහිදී ආරම්භක පන්දු යවන්නකු ලෙස සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් ඕවර හයකදී ලකුණු 29 ක් පමණක් ලබාදුන් අතර කඩුල්ලක් දවා ගැනීමට අපොහොසත් විය.
දෙපිල අතර දෙවැනි තරගය පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදීම හෙට (05) පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.