Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම් අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වන අද (10 වැනිදා) ඕස්ට්‍රේලියානු පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 269 ක් ලබාගත්තේය. දිනය නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 20 ක් ලබා සිටියේය.
පළමු දිනයේ තරගය නතර කිරීමට පෙර කමිල් මිෂාර හතරේ පහර 3 ක් සමග ලකුණු 15 ක් ලබා සිටි අතර තවීෂ කහදූවාරච්චි අනෙක් පිතිකරුවා විය.
මුලු ලකුණු සංඛ්‍යාව 22 ක් වන විට සෑම් ෆැනින්ස් පිටියෙන් ඉවත් කිරීමට රුවින් පීරිස් සමත් වුවද, කීගන් ඕට්ස් (22) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කෝරි හන්ටර් (71) සමත් විය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ හන්ටර් හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් සිය අර්ධ ශතකය සැරසීය.
රොහාන් සංජයගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක චිහාන් කලිඳුගේ දක්ෂ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් ඕට්ස් දැවීයෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. අනතුරුව හන්ටර්ගේ කඩුල්ල බිඳ දැමූ සංජය, ඉන් නොනැවතී තවත් ලකුණු 5 ක් ඇතුළත ඔලිවර් ඬේවිස්ද (13) පිටියෙන් ඉවත් කළේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 125 කට කඩුලු 4 ක් ලෙස අසීරු තත්වකට ඇද දමමිනි.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පස්වැනි කඩුල්ලද අහිමි කරමින් ලැච්ලෑන් හියන් දවාගැනීමට විජේකාන්ත් වියස්කාන්ත් සමත් වූ අතර සොනාල් දිනූෂ අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ඔහු ලබා සිටියේ ලකුණු 13 ක් පමණි. ඒ වන විට ඕස්ටේ්‍රලියානු ලකුණු පුවරුව ලකුණු 151 කට කඩුලු 5 ක් ලෙස සටහන් විය.
ඕස්ටේ්‍රලියානු කණ්ඩායම පත්ව තිබූ අසීරු තත්වයෙන් ගොඩගැනීමට සමත් වූ නායක බී.ජේ. හෝල්ට් (60) සහ ජෙරාඞ් ෆ්‍රීමන් (36) හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. හොල්ට්ගේ අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර ෆ්‍රීමන්ගේ ඉනිම හතරේ පහර 6 කින් සමන්විත විය.
සඳුන් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් හෝල්ට් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. ඉන් අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූ රොහාන් සංජය සිය සිවුවැනි සහ පස්වැනි කඩුලු ලෙස ෆ්‍රීමන් සහ තන්වීර් සංගා පිටියෙන් ඉවත් කළේය. වමතින් දඟ පන්දු යවන සංජය ඉනිම නිමා කළේ ලකුණු 94 කට කඩුලු 5 ක් දවාගනිමිනි.
-036
ඡායාරූප - චතුර එස්. කොඩිකාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.