Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සත්කාරක ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ඊයේ (10 වැනිදා) ගුවහටි ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්කිරීමටද ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 119 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 2 ක් පමණක් දැවී පන්දු 27 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියහ.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු 2 ලකුණු 13 ක් තුළ බිඳවැටුණද, තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 76 කදී ලකුණු 109 ක නොබිඳණ සම්බන්ධතාවක් ගොඩනැගූ මොයිසස් හෙන්රිකස් (නොදැවී 62) සහ ට්‍රැවීස් හෙඞ් (නොදැවී 48) එක්ව සිය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ.
පන්දු 46 කදී වාර්තා වූ හෙන්රිකස්ගේ දෙවැනි විස්සයි20 අර්ධ ශතකයට දැවැන්ත හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 34 කදී වාර්තා වූ හෙඞ්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 118 කට සීමා කිරීමට ජේස්න් බෙරෙන්ඩෝර්ෆ් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දුයවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දුයැවීමක නිතර වූ බෙරෙන්ඩෝර්ෆ්, ඉන්දීය කණ්ඩයමේ මුල් පිතිකරුවන් සිවුදෙනාම අඩු ලකුණු සංඛ්‍යාවන්ට ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීය.
ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කේදර් ජාදව් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 27 ක් රැස්කරගෙන සිටියදී ඇඩම් සම්පාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් පිටියෙන් ඉවත් විය.
ඉන්දියාව - ඕවර 20 කදී සියලු දෙනා දැවී 118
(කුල්දීප් යාදව් 27, හර්දීක් පාණ්ඩ්‍යා 25, කුල්දීප් යාදව් 16, ජේස්න් බෙරෙන්ඩෝර්ෆ් 21/4, ඇඩම් සම්පා 19/2)
ඕස්ට්‍රේලියාව - ඕවර 15.3 කදී කඩුලු 2 ක් දැවී 122
(මොයිසස් හෙන්රිකස් නොදැවී 62, ට්‍රැවිස් හෙඞ් නොදැවී 48)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.