Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ටේ‍්‍රලියානුවෝ ටෙස්ට් තරගාවලිය දිනති

ඕස්ටේ‍්‍රලියානුවෝ ටෙස්ට් තරගාවලිය දිනති

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අපි‍්‍රකාව අතර නිව්ලන්ඞ්ස් කි‍්‍රඩාංගණයේදී පැවැති තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී ලකුණු 245 කින් ජයගත්  ඕස්ටේ‍්‍රලියානුවෝ තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙසින් ජයගත්හ.

අවසන්  ඕවර 5 දක්වාම සටන්කළ වර්නන් පිලැන්ඩර් තම පිල පරාජයෙන් බේරා ගැනීමේ දැඩි උත්සාහයක නිරත වූයේය. එහෙත් තරගය අවසන් වීමට පන්දු 30 ක් ඉතිරිව තිබියදී පන්දු 3 ක් ඇතුළත කඩුලූ දෙකක් දවාගත් රයාන් හැරිස්  ඕස්ටේ‍්‍රලියානු පිලට ජයග‍්‍රහණය අත්කර දුන්නේ ඬේල් ස්ටෙයින් සහ මෝර්නේ මෝකල් ආපසු කී‍්‍රඩාගාරයට යවමිනි.  

ඕස්ටේ‍්‍රලියානු පිලක් අවසන් වරට දකුණු අපි‍්‍රකාවේදී ටෙස්ට් තරගාවලියකින් ජයගත්තේ වසර 2008/09 තරගවාරයේදී රිකී පොන්ටිංගේ නායකත්වයෙනි.

තරගාවලිය පරාජය වුවද දකුණු අපි‍්‍රකානු පිල ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ අංක 1 ස්ථානයේම රැුඳී සිටින නමුත් මෙය දකුණු අපි‍්‍රකානු ටෙස්ට් ඉතිහාසයේ යුගයක නිමාව වශයෙන් සටහන් කළ හැකිවනු ඇත.

මෙම තරගයත් සමගින් ටෙස්ට් නායක ගේ‍්‍රඒම් ස්මිත් අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගෙන ගිය අතර දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේ සිටි විශිෂ්ටතම තුන් ඉරියව් කී‍්‍රඩකයකු වූ ජැක් කලිස්ද මාස කිහිපයකට ඉහතදී ටෙස්ට් පිටියෙන් සමුගත්තේය. ඉතාමත් දිගු කාලයක් දකුණු අපි‍්‍රකානු කඩුලූ රකින්නා වශයෙන් සිටි මාක් බවුචර්ද 2012 දී පුහුණුවීම් කරමින් සිටියදී ඇස තුවාල වීම නිසා කි‍්‍රකට් පිටියෙන් සමුගත්තේය.

ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම 494

දකුණු අපි‍්‍රකාව පළමු ඉනිම 287

ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම කඩුලූ 5 ට 303
(කි‍්‍රස් රොජර්ස් 39, ඬේවිඞ් වෝනර් 145, ඇලෙක්ස් ඩූලන් 37, ෂේන් වොට්සන් 25, ස්ටීවන් ස්මිත් නොදැවී 36, කයිල් ඇබට් 61/3)

දකුණු අපි‍්‍රකාව දෙවැනි ඉනිම 265
(හෂිම් අම්ලා 41, ඒ. බී. ඩිවිලියර්ස් 43, ෆෆ් ඩු පේලෙසි 47, ජේ. පී. ඩුමිනි 43, වර්නන් පිලැන්ඩර් නොදැවී 51, රයාන් හැරිස් 32/4, මිචෙල් ජොන්සන් 92/3, ජේම්ස් පැටින්සන් 62/2)


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියානුවෝ ටෙස්ට් තරගාවලිය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.