Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මෙහෙයවන 11 වැනි ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස සත්කාරක ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර මෙල්බන්හිදී අද (14) පැවැති තරගයෙන් (දිවා/රාත‍්‍රී) ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 111 ක පහසු ජයක් ලැබීය.
ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ ලකුණු 343 ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය එංගලන්ත ඉනිම ඕවර 41.5 කදී ලකුණු 231 කට සීමා කිරීමට සමත් වූහ.
මිචෙල් මාෂ් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 33 කට කඩුලූ 5 ක් දවා ගනිමින් එංගලන්ත පිලේ විනාශකරු බවට පත්විය.
ලකුණු 92 කට කඩුලූ 6 ක් දැවී සිටියදී ජේම්ස් ටේලර් (නොදැවී 98) සහ ක‍්‍රිස් වෝක්ස් (37* 7 වැනි කඩුල්ලට ලකුණු 92 ක සම්බන්ධතාවක් පවත්මින් එංගලන්තය වැටී සිටි අසීරු තත්ත්වයෙන් ගොඩගත්හ.
ජේම්ස් ටේලර් පන්දු 90 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 98 ක් රැුස්කිරීමට සමත් විය.
එංගලන්ත පිලේ පළමු කඩුල්ල ලෙස මුයින් අලී (10) මිචෙල් ස්ටාක්ගේ පන්දුවකට දැවී ගියේය.
පළමුව පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 50 යේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 342 ක් රැස්කළ අතර එංගලන්තයට ජයග‍්‍රහණය සදහා ඕවරයකට 6.86 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 343 ක් රැස් කිරීමට බාර විය.
ග්ලේන් මැක්ස්වෙල් (66) සහ බ‍්‍රැඞ් හැඩින් (31) හත්වැනි කඩුල්ලට පන්දු 27 කදී ලකුණු 61 ක් රැස්කරමින් මෙම දැවැන්ත ලකුණු සංඛ්‍යාව දක්වා රැගෙන ආහ.
ග්ලේන් මැක්ස්වෙල් පන්දු 40 කදී රැස්කළ ලකුණු 66 ට හතරේ පහර 11 ක් ඇතුළත් විය. බ‍්‍රැඞ් හැඩින් පන්දු 14 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 31 ක් ලබා ගත්තේය.
එංගලන්ත වේග පන්දු යවන ක‍්‍රීඩක ස්ටීව් ෆින් කඩුලූ ත‍්‍රිත්වයක් දවා ගැනීමට සමත් විය. දකුණතින් වේග පන්දු යවන ස්ටීව් ෆින් යැවූ ඉනිමේ 50 වැනි ඕවරයේ 4, 5 සහ 6 වැනි පන්දුවලදී පිළිවෙළින් බ‍්‍රැඞ් හැඩින්, ග්ලේන් මැක්ස්වෙල් සහ මිචෙල් ජොන්සන් දැවී ගියේය.
නායක ජෝජ් බේලි පන්දු 69 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 55 ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
ලකුණු 70 කට කඩුලූ 3 ක් දැවී තිබියදී ඒරන් ෆින්ච් (135) සහ නායක ජෝජ් බේලි (55) සිවුවැනි කඩුල්ලට ලකුණු 146 ක සම්බන්ධතාවක් පවත්වමින් ශක්තිමත් තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් පන්දු 128 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 135 ක් රැස් කර සිටියදී දුවද්දී දැවී ගියේය. මෙම ශතකය ෆින්ච්ගේ 6 වැනි එක්දින ශතකයයි.
ඕස්ටේ‍්‍රලියානු තෙවැනි කඩුල්ල ලෙස ස්ටීව් ස්මිත් ලකුණු 5 කට දැවී ගියේය.
ප‍්‍රවේගකාරි පිතිකරු ෂේන් වොට්සන් පළමු පන්දුවේදීම ස්ටුවට් බ්‍රෝඞ් හමුවේ දැවී දෑමෙන් ලකුණු 57 ට කඩුලූ දෙකක් බවට පත්වීමෙන් ලකුණු වේගය අඩාල විය.
ආරම්භක පිතිකරුවන් වූ ඬේවිඞ් වෝනර් (22) සහ ඒරන් ෆින්ච් (නොදැවී 41) වේගවත් ආරම්භයක් ලබා දෙමින් පන්දු 45 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.
ඬේවිඞ් වෝනර් පන්දු 18 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 22 ක් ලබා සිටියදී ස්ටුවට් බ්‍රෝඞ්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.
එංගලන්ත නායක ඔයින් මෝගන් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ඕස්ටේ‍්‍රලියාවට ආරාධනා කළේය.
එංගලන්ත පිලේ අංක 3 පිතිකරු ස්ථානයට ගැරී බැලන්ස් කැදවා ඇති අතර තුන් ඉරියව් ක‍්‍රීඩක රවී බොපරාට ස්ථානය අහිමිවී තිබේ.
ඕස්ටේ‍්‍රලියානු පිලට දකුණතින් වේග පන්දු යවන යොවුන් ක‍්‍රීඩක ජෝෂ් හෂ්ලිවුඞ් කැදවා තිබේ.
ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 50 කදී කඩුලූ 9 ට 342 (ඬේවිඞ් වෝනර් 22, ඒරන් ෆින්ච් 135, ජෝජ් බේලි 55, ග්ලේන් මැක්ස්වෙල් 66, බ‍්‍රැඞ් හැඩින් 31, මිචෙල් මාෂ් 23, ස්ටුවට් බ්‍රෝඞ් 66/2, ස්ටීව් ෆින් 71/5)
එංගලන්ත පිල ඕවර 41.5 කදී සියලූ දෙනා දැවී 231 (ඉයන් බෙල් 36, ජේම්ස් ටේලර් නොදැවී 98, ජෝස් බට්ලර් 12, ක‍්‍රිස් වෝක්ස් 37, මිචෙල් මාෂ් 33/5, මිචෙල් ස්ටාක් 47/2, මිචෙල් ජොන්සන් 36/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.