Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ටේ‍්‍රලියානුවෝ සිවුවැනි තරගයත් ජයගනිති

ඕස්ටේ‍්‍රලියානුවෝ සිවුවැනි තරගයත් ජයගනිති

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

කි‍්‍රස් රොජර්ස් ලබාගත් ශතකය (116) නිසා අළු බඳුන තරගාවලියේ සිවුවැනි තරගයේදීත් කඩුලූ 8 ක පහසු ජයක් අත්කරගත්  ඕස්ටේ‍්‍රලියාව 4-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගත්තේය. තරගයේ සිවුවැනි දිනය වූ අද (29 වැනිදා) තේ පානයටත් පෙරම ජයග‍්‍රහණය සම්පූර්ණ කළ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මෙම තරගාවලියේදී 5-0 ක ජයක් කෙරෙහි තවදුරටත් බලාපොරොත්තු තබමින් එංගලන්ත පිල අසරණ අඩියකට ඇද දමා තිබේ.

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් අළු බඳුන තරගාවලියකදී අවසන් වරට 5-0 ක ජයක් ලබාඇත්තේ 2006-07 තරගවාරයේදී, රිකී පොන්ටිංගේ නායකත්වයෙනි.

පළමු ඉනිමේදී ලකුණු 51 ක වාසියක් අත්කරගත් එංගලන්ත කණ්ඩායමට මෙවර අළු බඳුන තරගාවලියේ ජයක් පිළිබඳව බලාපොරොත්තු තබාගත හැකිව තිබූ එකම තරගය මෙයයි. ජයග‍්‍රහණයක් අපේක්‍ෂාවෙන්  ඕස්ටේ‍්‍රලියානු පිල පීඩනයට පත්කිරීමට නම් අද පෙරවරුවේදීම කඩුල්ලක් හෝ දෙකක් දවාගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් වුවද එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් වෙතින් අද තරගය ආරම්භ වී පළමු අඩහෝරාවේදීම පහසු උඩපන්දු දෙකක් ගිළිහී ගියේය. ඒ වන විට කි‍්‍රස් රොජර්ස් ලකුණු 19 ක්ද ඬේවිඞ් වෝනර් ලකුණු 22 ක්ද ලබා සිටියහ.

වෝනර් ලකුණු 25 දී දැවී ගිය නමුත් අනතුරුව පැමිණි ෂේන් වොට්සන් සමග එක්වූ කි‍්‍රස් රොජර්ස් ඒ වන විට සියලූ ධෛර්යය සිඳීගොස් තිබූ මළානික පන්දු යවන්නන්ට සිත්සේ පහර දෙමින්,තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 136 ක සම්බන්ධතාවක් ගොඩනගා  ඕස්ටේ‍්‍රලියානු පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියේය.

රොජර්ස් දැවී යන විට  ඕස්ටේ‍්‍රලියානු පිලේ ජයග‍්‍රහණයට අවශ්‍යව තිබුණේ ලකුණු 31 ක් පමණි.

ඉතා සුළු වේලාවක් පිතිහරඹයේ යෙදුණු  ඕස්ටේ‍්‍රලියානු නායකයා මේ වසරේදී ටෙස්ට් ලකුණු 1000 පසුකර ගිය පළමු පිතිකරුවා වෙමින් සිය 8000 වැනි ටෙස්ට් ලකුණද ලබාගත්තේය.

”අපිට නැගීම් මෙන්ම වැටීම්ද තිබුණා. ඒත් දැන් ආයෙමත් ජයග‍්‍රහණය පිළිබඳ හැගීම කණ්ඩායමට ඇවිත් තියෙනවා කියන එක ගැන සැකයක් නෑ” යයි ටෙස්ට් ජයක් නොමැතිව එක දිගට ටෙස්ට් තරග 9 ක් කී‍්‍රඩා කිරීමේ අත්දැකීමට මුහුණ දුන් මයිකල් ක්ලාක් පැවසීය.

 

එංගලන්තය - පළමු ඉනිම 255
ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම 2-04
එංගලන්තය - දෙවැනි ඉනිම 179
ඕස්ටේ‍්‍රලියාව - දෙවැනි ඉනිම කඩුලූ 2 ක් දැවී 231

(කි‍්‍රස් රොජර්ස් 116, ඬේවිඞ් වෝනර් 25, ෂේන් වොට්සන් නොදැවී 83, මොන්ටි පනීසාර් 41/1, බෙන් ස්ටෝක්ස් 50/1)

 


අදහස් (1)

ඕස්ටේ‍්‍රලියානුවෝ සිවුවැනි තරගයත් ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.