Last Update  :  2024-10-18 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස‍්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ නවසීලන්තය පරදවති
කාන්තා වි:20 ලෝක කුසලාන

ඕස‍්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ නවසීලන්තය පරදවති

editorial - 2024 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගය ලෙස ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ  (8 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 60 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 149 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කාන්තා කණ්ඩායමට ඕවර 19.2 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 88 ක් පමණි. දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ මේගන් සචට් සහ ඇනබෙල් සදර්ලන්ඩ් කඩුලු 2 බැගින් බිඳහෙළමින් නවසීලන්ත ඉනිම සුනුවිසුණු කර දැමූහ.

‍නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ ඇමීලියා කේර් පන්දු 31 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 29 ක් රැස්කළ අතර ආරම්භක පිතිකාරිණී සූසී බේට්ස් පන්දු 27 කින් ලකණු 20 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 148 ක් ලබාගත්හ. ආරම්භක පිතිකාරිණී බෙත් මූනි පන්දු 32 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 40 ක් රැස්කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නාය.

එලීස් පේරි පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 30 ක්ද, නායිකා ඇලීසා ‍හීලි පන්දු 20 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 26 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. එහිදී ලකුණු 26 කට කඩුලු 4 ක් බිඳහෙළූ ඇමීලියා කේර් පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූවාය.  

 

ඕස්ට්‍රේලියානු කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 148
(ඇලීසා හීලි 26, බෙත් මූනි 40, එලීස් පේරි 30, පොයෙබ් ලිට්ච්ෆීල්ඩ් 18, ඇමීලියා කේර් 26/4, බෘක් හැලිඩේ 16/2, රෝස්මේරි මේර් 22/2)

නවසීලන්ත කාන්තා පිල - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 88  
(සුසී බෙට්ස් 20, ඇමීලියා කේර් 29, මේගන් ස්චට් 03/3, ඇනබෙල් සදර්ලන්ඩ් 21/3, සොෆී මොලිනෙක්ස් 15/2) 

 


අදහස් (0)

ඕස‍්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ නවසීලන්තය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.