Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කඩුලු දහයම දවාගත් මාලින්ද වාර්තා පොතට

කඩුලු දහයම දවාගත් මාලින්ද වාර්තා පොතට

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ‘ඒ’ ශ්‍රේණියේ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී කණ්ඩායම සහ සැරසන්ස් කණ්ඩායම අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී සැරසන්ස් පිලේ දෙවැනි ඉනිමේ කඩුලු 10 ලකුණු 37 කට දවාගනිමින් වාර්තා පොතට ඇතුළත්වීමට සී.සී.සී පිලේ මාලින්ද පුෂ්පකුමාර අද (6 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සඳහා දෙවැනි ඉනිමේදී ලකුණු 349 ක ඉලක්කයක් හඹාගිය සැරසන්ස් පිලට ඔහුගේ එම විශිෂ්ට පන්දු යැවීම හමුවේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 113 ක් පමණි. ඒ අනුව සී.සී.සී පිලට ලකුණු 235 ක පහසු ජයක් හිමිවිය.

වමතින් දඟපන්දු යවන මාලින්ද පුෂ්පකුමාර පළමු පෙළ තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 10 ක් ලබාගත් දෙවැනි පන්දු යවන්නාසේම කඩුලු 10 ක් දවාගත් ලොව හොඳම පන්දු යවන්නන් අතර 15 වැනි ස්ථානයට ඒ අනුව පත්විය.

1991-92 තරග වාරයේදී කළුතර පි.සී.සී ක්‍රීඩා සමාජයට එරෙහිව ඉනිමකදී ලකුණු 41 කට කඩුලු 10 ක් දවාගැනීමට එකල ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සමත්විය.

පළමු ඉනිමේදී දවාගත් කඩුලු 6 ද ඇතුළුව තරගය පුරා කඩුලු 16 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට මාලින්ද පුෂ්පකුමාර සමත්විය. පළමු පෙළ තරග 123 කට සහභාගිවී ඇති මාලින්ද මේ වනවිට කඩුලු 715 ක් දවාගැනීමට සමත්වී ඇත.

තවත් තරග 4 ක් කටුනායක මේරියන්ස්, මුවර්ස්, බී.ආර්.සී සහ එන්.සී.සී. ක්‍රීඩාංගණ වලදී අද අවසන්වූ අතර එහිදී පූර්ණ ජයග්‍රහණ හිමිකර ගැනීමට එස්.එස්.සී, හලාවත මේරියන්ස් සහ යුදහමුදා කණ්ඩායම් සමත්වූහ. ද්‍රවිඩ සංගම් පිලට පළමු ඉනිමේ ජයක් හිමිවිය.

අවසන්වූ මෙම සති අන්තයේදී එස්.එස්.සී පිලේ සම්මු අශාන් (125), බී.ආර්.සී පිලේ රුමේෂ් බුද්ධික (නොදැවී 105), මූවර්ස් පිලේ ඉරෝෂ් සමරසූරිය (109), රාගම පිලේ සුපේෂල ජයතිලක (100), ද්‍රවිඩ සංගම් පිලේ තරංග පරණවිතාන (184) සහ සචිත්‍ර සේරසිංහ (152) ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

සී.සී.සී පිලේ මාලින්ද පුෂ්පකුමාර කඩුලු 16 ක් (73/6 සහ 37/10) , යුදහමුදා පිලේ දුශාන් විමුක්ති කඩුලු 10 ක් (35/5 සහ 91/5), සැරසන්ස් පිලේ චාමිකර එදිරිසිංහ කඩුලු 10 ක් (87/9 සහ 112/1) සහ බී.ආර්.සී පිලේ දුවිඳු තිලකරත්න කඩුලු 10 ක් (65/5 සහ 56/5), එස්.එස්.සී පිලේ තරිඳු රත්නායක කඩුලු 9 ක් (83/5 සහ 67/4) දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.

හලාවත් මේරියන්ස් පිලේ සාගර් උදේෂී කඩුලු 6 ක් ද එස්.එස්.සී පිලේ සචිත්‍ර සේනානායක කඩුලු 5 ක් ද, හලාවත් මේරියන්ස් පිලේ චානක කොමසාරූ කඩුලු 5 ක්ද දවාගනිමින් ඉනිමකදී පන්දුවෙන් දස්කම් දැක්වූහ.


සී.සී.සී. පිලට ලකුණු 235 ක ජයක්

සී.සී.සී - පළමු ඉනිම - ඕවර 62 කදී සියලුදෙනා දැවී ලකුණු 238
(රොන් චන්ද්‍රගුප්ත 30, මාධව වර්ණපුර 63, වනිඳු හසරංග 32, මනෙල්ක ද සිල්වා 22, විශ්ව ප්‍රනාන්දු නොදැවී 2, චාමිකර එදිරිසිංහ 87/9)

සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 64.4 කදී සියලුදෙනා දැවී ලකුණු 169
(ප්‍රමෝද් මධුවන්ත 22, චාමිකර එදිරිසිංහ 53, සාලිය සමන් 27, රනිත ලියනාරච්චි නොදැවී 23, මාලින්ද පුෂ්පකුමාර 73/6, වනිඳු හසරංග 27/2, ළහිරු ගමගේ 34/2)

සී.සී.සී - දෙවැනි ඉනිම - ඕවර 72.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 279
(රොන් චන්ද්‍රගුප්ත 93, මාධව වර්ණපුර 46, මිනෝද් භානුක 37, වනිඳු හසරංග 23, ලසිත් අබේරත්න 39, රනිත ලියනාරච්චි 39/2)

සැරසන්ස් - දෙවැනි ඉනිම - ඕවර 36.4 කදී සියලුදෙනා දැවී ලකුණු 113
(රනිත ලියනාරච්චි 20, අශේන් බණ්ඩාර 22, මාලින්ද පුෂ්පකුමාර 37/10)

 


බී.ආර්.සී. සහ එස්.එස්.සී. කණ්ඩායම් අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී

එස්.එස්.සී. පිලට ලකුණු 34 ක ජයක්

එස්.එස්.සී. - පළමු ඉනිම - ඕවර 66.4 කදී සියලුදෙනා දැවී ලකුණු 289
(කවිඳු කුලසේකර 42, සම්මු අශාන් 125, ආකාෂ් සේනාරත්න 28, සචිත්‍ර සේනානායක 32, දුවිඳු තිලකරත්න 65/5, නෙරංජන වන්නිආරච්චි 36/2)

බී.ආර්.සී. - පළමු ඉනිම - ඕවර 79 කදී සියලුදෙනා දැවී ලකුණු 267
(ලසිත් ලක්ෂාන් 25, භානුක රාජපක්ෂ 44, තිලකරත්න සම්පත් 42, රුමේෂ් බුද්ධික නොදැවී 105, දුවිඳු තිලකරත්න 24, තරිඳු රත්නායක 83/5, සචිත්‍ර සේනානායක 47/2, කසුන් මදුසංක 50/2)

එස්.එස්.සී. - දෙවැනි ඉනිම - ඕවර 50.1 කදී සියලුදෙනා දැවී ලකුණු 198
(සඳුන් වීරක්කොඩි 21, කෞෂාල් සිල්වා 79, ක්‍රිෂාන් ආරච්චිගේ 33, සචිත්‍ර සේනානායක 28, දුවිඳු තිලකරත්න 56/5, ලසිත් ලක්ෂාන් 25/2, ඩෙවින් පත්මනාදන් 28/2)

බී.ආර්.සී. - දෙවැනි ඉනිම - ඕවර 50.4 කදී සියලුදෙනා දැවී ලකුණු 186
(දේශාන් ඩයස් 20, භානුක රාජපක්ෂ 23, රුමේෂ් බුද්ධික 76, සචිත්‍ර සේනානායක 81/5, තරිඳු රත්නායක 67/4)

 


හලාවත මේරියන්ස් සහ වරාය අධිකාරිය කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

හලාවත මේරියන්ස් පිලට කඩුල්ලක තියුණු ජයක්

වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 68.5 කදී සියලුදෙනා දැවී ලකුණු 233
(යොහාන් ද සිල්වා 64, ප්‍රිමෝෂ් පෙරේරා 51, රුවිඳු ගුණසේකර 24, ප්‍රශාන් වික්‍රමසිංහ 46, සාගර් උදේෂී 70/6, කරිමුත්තාතු රාකේෂ් 41/2)

හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 60.2 කදී සියලුදෙනා දැවී ලකුණු 203
(ඕෂධ ප්‍රනාන්දු 50, හර්ෂ කුරේ 22, රිසිත් උපමාල් 54, පුලින තරංග 28, චමින්ද බණ්ඩාර 54/3, අනුක් ද අල්විස් 53/4, චානක කොමසාරූ 79/2)

වරාය අධිකාරිය - දෙවැනි ඉනිම - ඕවර 67.1 කදී සියලුදෙනා දැවී ලකුණු 179
(අදීශ නානායක්කාර 64, ගයාන් මනීෂාන් 20, ප්‍රෂන් වික්‍රමසිංහ 29, නිමේෂ් විමුක්ති 68/3, පුලින තරංග 30/2,  රොෂාන් ජයතිස්ස 21/2)

හලාවත මේරියන්ස් - දෙවැනි ඉනිම - ඕවර 61.1 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 210
(තීක්‍ෂිල ද සිල්වා 52, ඕෂධ ප්‍රනාන්දු 23, පුලින තරංග 21, ඉරෝෂ් ප්‍රනාන්දු නොදැවී 65, චානක කොමසාරූ 74/5, රමේෂ් නිමන්ත 42/3)

 

මූවර්ස් සහ යුදහමුදා කණ්ඩායම් අතර මුවර්ස් ක්‍රීඩාංගණයේදී

යුදහමුදා පිලට කඩුලු 5 ක ජයක්

මූවර්ස් - පළමු ඉනිම - ඕවර 44.4 කදී සියලුදෙනා දැවී ලකුණු 110
(අදීෂ තිලංචන 35, දුශාන් විමුක්ති 35/5, දනුෂික බණ්ඩාර 16/2, නුවන් ලියනපතිරණ 30/2)

යුදහමුදාව - පළමු ඉනිම - ඕවර 80.1 කදී සියලුදෙනා දැවී ලකුණු 221
(අශාන් රන්දික 32, දුශාන් විමුක්ති 35, ලක්ෂිත මදුශාන් 20, දිල්ශාන් ද සොයිසා 32, යශෝධ මෙන්ඩිස් 26, දනුෂික බණ්ඩාර 25, කේෂාන් විජේරත්න 40/3, රමේෂ් මෙන්ඩිස් 25/2, තරිඳු කෞෂාල් 31/2, ශිරාන් ප්‍රනාන්දු 50/2)

මූවර්ස් - දෙවැනි ඉනිම - ඕවර 67.3 කදී සියලුදෙනා දැවී ලකුණු 280
(පබසර වඩුගේ 52, ඉරෝෂ් සමරසූරිය 109, චාමර සිල්වා 52, රමේෂ් මෙන්ඩිස් 20, දුශාන් විමුක්ති 91/5, දනුෂික බණ්ඩාර 87/5)

යුදහමුදාව - දෙවැනි ඉනිම - ඕවර 52.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 171
(දුෂාන් විමුක්ති 35, ලක්ෂිත මදුශාන් 37, දිල්ශාන් ද සොයිසා නොදැවී 41, යශෝධ මෙන්ඩිස් නොදැවී 25, රමේෂ් මෙන්ඩිස් 47/3)

 

රාගම සහ ද්‍රවිඩ සංගමය කණ්ඩායම් අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී

ද්‍රවිඩ සංගම් පිලට පළමු ඉනිමේ ජයක්

රාගම - පළමු ඉනිම - ඕවර 118.2 කදී සියලුදෙනා දැවී ලකුණු 433
(දිනෙත් තිමෝද්‍ය 49, ශෙහාන් ප්‍රනාන්දු 41, සංජය චතුරංග 36, සුපේෂල ජයතිලක 100, ජනිත් ලියනගේ 52, ඉෂාන් ජයරත්න 50, සහන් නානායක්කාර 35, දිනුක් වික්‍රමනායක 44/3, ජීවන් මෙන්ඩිස් 125/4)

ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 131.3 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 544
(ළහිරු මිලන්ත 21, තරංග පරණවිතාන 184, සචිත්‍ර සේරසිංහ 152, කිත්රුවන් විතානගේ 29, දිනුක් වික්‍රමනායක 21, රමිත රඹුක්වැල්ල 91, චතුර පිරීස් 82/4)

රාගම - දෙවැනි ඉනිම - ඕවර 15 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 55
(දිනෙත් තිමෝද්‍ය 22, ශෙහාන් ප්‍රනාන්දු නොදැවී 21)

 


අදහස් (0)

කඩුලු දහයම දවාගත් මාලින්ද වාර්තා පොතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.