Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික කඩු හරඹ සංගමය සංවිධානය කරන පස්වැනි ජාතික කඩු හරඹ ශූරතාවලිය මේ මස 20 වැනිදා සිට 22 යන කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. සැහැල්ලු අසිපත් (ෆොයිල්), බර අසිපත් (එපී), දෙපිට මුවහත් අසිපත් (සබ්‍රි) යන කාණ්ඩ 3 යටතේ පිරිමි සහ කාන්තා අංශ දෙක සඳහාම මෙම තරගාවලියේදී තරග පැවැත්වේ.
ස්ලිම්ලයින්, ස්ලිම්ටෙක්ස්, යුනිචෙලා, ලීනියා, රැපිඞ්, සිලූවේටා, හෙළ, තුරුලි, සදර්න් සහ එම්. ඩී. එස්. යන කඩු හරඹ සමාජ 10 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 103 දෙනෙක් මෙවර තරගාවලියට එක්ව සිටිති. හෙළ කඩු හරඹ සමාජය ජාතික කඩු හරඹ තරගාවලියට එක්ව සිටින්නේ පළමු වරටයි.
කේවල අංශයේදී මූලික වටයේ තරග වලදී එක් එක් අසිපත් කාණ්ඩ යටතේ (ෆොයිල්, එපී සහ සබ්‍රි) ඉහළම දස්කම් දක්වන කඩු හරඹ ක්‍රීඩකයන් 8 දෙනා බැගින් තෝරාගෙන, අර්ධ අවසන් පූර්ව වටයට යොමු කෙරෙන අතර එතැන් සිට අවසන් මහ තරගය දක්වා පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව තරග පැවැත්වේ.
අවසන් මහ තරග වලට සුදුසුකම් ලබාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රන් සහ රිදී පදක්කම් හිමිවන අතර අවසන් පූර්ව වටයෙන් පරාජය වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තෙවැනි ස්ථානය තෝරාගැනීමේ තරගයකින් තොරවම ලෝකඩ පදක්කම් හිමිවේ.
තරගාවලියේ සමස්ත ශූරතාව සහ අනුශූරතාවට අමතරව දක්ෂතම කඩු හරඹ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සඳහාද කුසලාන පිරිනැමීමට නියමිතය.
මේ දක්වා පැවැති තරගාවලි හතරෙන් මුල් තරගාවලි තුනේදීම ශූරතා දිනාගැනීමට ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය සමත් වූ අතර අනු ශූරතා හිමිකරගැනීමට යුනිචෙලා ක්‍රීඩා සමාජය සමත් විය. සිව්වැනි එනම් ඉකුත් වසරේ (2015) පැවැති තරගාවලියේදී එම තත්තවය කණපිට පෙරළමින් ශූරතාව දිනාගැනීමට යුනිචෙලා ක්‍රීඩා සමාජය සමත් වූ අතර ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයට එහි අනු ශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී දෙපිට මුවහත් අසිපත් (සබ්‍රි) කාණ්ඩයේ පිරිමි අංශයේ රන් පදක්කම දිනාගත් යුනිචෙලා ක්‍රීඩා සමාජයේ මංජුල ප්‍රනාන්දු දක්ෂතම කඩු හරඹ ක්‍රීඩකයා ලෙසත්, සැහැල්ලු අසිපත් (ෆොයිල්) කාණ්ඩයේ කාන්තා අංශ රන් පදක්කම දිනාගත් එම්. ඩී. එස්. ක්‍රීඩා සමාජයේ රීටා ප්‍රකාශම් දක්ෂතම කඩු හරඹ ක්‍රීඩිකාව ලෙසත් සම්මාන ලැබූහ.
පළමු වරට සංවිධානය කරන පාසල් කඩු හරඹ ශූරතාවලිය අද (19 වැනිදා) සහ හෙට (2 වැනිදා) කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. සැහැල්ලු අසිපත් (ෆොයිල්), බර අසිපත් (එපී), දෙපිට මුවහත් අසිපත් (සබ්‍රි) යන කාණ්ඩ 3 යටතේ බලක සහ බාලිකා අංශ දෙක සඳහාම මෙම තරගාවලියේදී තරග පැවැත්වේ.
දිවයින පුරා පාසල් 21 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 94 දෙනෙක් මෙවර තරගාවලියට එක්ව සිටිති. එහිදී ඉහළම සහභාගීත්වයක් සටහන් වන්නේ කොළඹ රාජකීය විදුහලෙන් වන අතර එය 23 කි. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙන් 19 ක්, මහනුවර මහවත්ත විදුහලෙන් 16 ක් සහ සපුගස්කන්ද විශාකා විදුහලෙන් 10 ක් බැගින් තරගාවලියට සහභාගි වෙති.
අවසන් මහ තරග වලට සුදුසුකම් ලබාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රන් සහ රිදී පදක්කම් හිමිවන අතර අවසන් පූර්ව වටයෙන් පරාජය වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තෙවැනි ස්ථානය තෝරාගැනීමේ තරගයකින් තොරවම ලෝකඩ පදක්කම් හිමිවේ.
තරගාවලියේ සමස්ත ශූරතාව සහ අනු ශූරතාවට අමතරව දක්ෂතම කඩු හරඹ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සඳහාද මෙහිදී කුසලාන පිරිනැමීමට නියමිතය.
(ඡායාරූප - ශානුක අරවින්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.