Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ ලෝඩර්හිල් නුවර සිට..)
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ අසාර්ථකත්වයට හේතුව කණ්ඩායම ලෙස ගත් කළ සැලකිය යුතු සහයෝගයක් නොතිබීම යැයි පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසයි. ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ මූලික වටයේ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට පසුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියේය.
“ක්‍රීඩා කරපු තරග දෙකේදිම අපිට ඒ තණතිරුවලට අනුව හැඩගැහෙන්න බැරි වුණා. පිතිහරඹයෙදි වුණත් අපේ අතින් ගොඩක් වැරදි වුණා. හුඟක් හොඳ තැන්වල ඉඳලත් අපි ඉක්මනට කඩුලු විසිකරලා පහළට කඩා වැටුණා. පන්දු යැවීමෙනුත් අපිට මේ තරගාවලියෙදි ලොකු දෙයක් කරන්න හම්බුණේ නෑ. ඉතින් මං හිතනවා කණ්ඩායමක් විධියට ගත්තාම අපිට ලොකු සහයෝගයක් ලැබුණෙ නෑ කියලා.”
“හැබැයි මේ තරගාවලියෙදි අපි හොඳින් පන්දු රැක්කා. ලකුණු 100 ක් වුණත්, ලකුණු 70 ක් වුණත් රැකගන්න ලොකු උත්සාහයක් දැරුවා. ක්‍රීඩා කරපු 11 දෙනාම ඒ වෙනුවෙන් ක්‍රීඩාංගණය ඇතුළෙදි හුඟක් මහන්සි වුණා. ඒත් පිතිහරඹයෙදි වෙච්චි දුර්වලතා සහ තණතීරුවලට අනුගත වෙන්න බැරි වුණ එක නිසා තමයි අපිට මේ වගේ පරාජයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණේ.” යැයි තීක්ෂණ පැවසීය.
තුන් ඉරියව් ක්‍රීඩකයන් තිදෙනකුද ඇතුළුව පිතිකරුවන් 7 දෙනෙක් සමග මෙවර තරගාවලියේ මුල් තරග දෙකට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 77 කටත්, බංග්ලාදේශ හමුවේ ලකුණු 124 කටත් සීමා විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය පන්දු යැවීමේ බළෑණිය බව කණ්ඩායමේ නායකයා පුන පුනා පැවසුවද, එම තරග දෙකේදීම පිතිකරුවන් ලබාගත් ලකුණු සංඛ්‍යාව රැකගැනීමට පන්දු යවන්නන්ට නොහැකි වූහ.
පිතිකරුවන් ලබාගත් අඩු ලකුණු සංඛ්‍යාවන් රැකගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අපොහොසත් වුවද, පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 119 ක් රැකගැනීමට ඉන්දීය පන්දු යවන්නන්ද, බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 113 ක් රැකගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ද සමත් වූ බව දැකගත හැකි විය.
“කණ්ඩායමේ දක්ෂතා ගැන කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න බෑ. මොකද අපි තරගාවලියට එද්දි හොඳ මානසිකත්වයකින් ආවේ. අපේ පිතිකරුවන් සහ පන්දු යවන්නන් අන්තිම තරගාවලි තුනේදිම හොඳින් දස්කම් දක්වලා තිබුණෙ. ඉතින් අපි ගොඩක් ඉස්සරහින් හිටියා තරගාවලියට එද්දි. ඒත් මේ තරගාවලියෙදි කණ්ඩායමක් විධියට අපේ අතින් ගොඩක් වැරදීම් වුණා. ඒකයි අපිට සුපිරි 8 දෙනාගෙ වටයට යන්න බැරි වුණේ.” යැයි තීක්ෂණ කීය.
තවමත් ශ්‍රී ලංකාව නිල වශයෙන් තරගාවලියෙන් ඉවත් වී නොතිබුණද, සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට නම් ආශ්චර්යයක් විය යුතු යැයිද තීක්ෂණ කියා සිටියේය. ඔහුගේ එම කියමන සත්‍ය යැයි කිව හැක්කේ ඒ සඳහා නෙදර්ලන්තය සහ බංග්ලාදේශය අතර අද (13 වැනිදා) පැවැත්වීමට නියමිත තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමිය යුතුව ඇති බැවිනි.
එපමණක් නොව ඉන් අනතුරුව ශ්‍රී ලංකාව මීළඟ තරගයේදී ඉහළ ශුද්ධ ලකුණු වේගයක් රඳවාගනිමින් නෙදර්ලන්තය පරාජය කළ යුතු අතර නේපාලය හමුවේ බංග්ලාදේශය අන්ත පරාජයක්ද ලැබිය යුතය. කෙසේ වුවත් බංග්ලාදේශ - නෙදර්ලන්ත තරගය විසඳුමක් සහිතව නිමාවට පත්වනවා නම් ඒ සමගම තීක්ෂණ කී ආශ්චර්යයද සුනුවිසුණු වී යනු ඇත.
“දැන් අපිට සුපිරි 8 දෙනාගෙ වටයට යන්න නම් ආශ්චර්යයක් සිදුවිය යුතුයි. ඒ නිසා දැන් අපි හිතන්නෙ අපිට තියෙන ඊළඟ තරග ගැනයි. කොහොම හරි ඒ තරගය ජයග්‍රහණය කරලා තරගාවලිය අවසන් කරන්නයි අපිට ඕන. ශාන්ත ලුසියාවල ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් 3 ක්, 4 ක් වගේ තමයි අපේ කණ්ඩායමේ ඉන්නෙ. නෙදර්ලන්ත තරගයෙදි අපිට ඔවුන්ගෙ අත්දැකීම් හුඟක් ප්‍රයෝජනවත් වේවි.” යැයි තීක්ෂණ සඳහන් කළේය.
sk Thursday, 13 June 2024 12:44 PM
මේවා අහලා අපිට දැන් එපා වෙලා...
Reply 0 0
lionel Thursday, 13 June 2024 02:10 PM
කාගෙන්ද බං සහයෝගේ ඕනෑ කරලා තියෙන්නේ... බැරිකම තමයි.. එක ඉස්කෝලේ හතර දෙනයි.. පව්කාරයෝ..රටේ සල්ලි
Reply 0 0
sam Friday, 14 June 2024 06:51 AM
නටන්න බැරි වුණාම පොළව ඇදයි කියනවා වගේ...
Reply 0 0
Bunny Preena Friday, 14 June 2024 09:33 AM
නටන්න බැරි කෙනා පොළව ඇදයි කිව්වලු....
Reply 0 0
chandika Friday, 14 June 2024 01:12 PM
මහේෂ් තීක්ෂණ කිසිම වැඩකට නැති කෙනෙක්. විකට් ගත්තු කාලයක් මතක නෑ. නමුත් ගිහින් තියෙන්නේ ට්‍රිප් එකක්...
Reply 0 0
යෝගා Friday, 14 June 2024 03:54 PM
පුළුවන්නම් අර මුඩුම රස්තියාදුකාර ටැටූකාරයා නායකත්වයෙන් අයින්කරලා වාසනාවන්ත වැදගත් කෙනෙකුට දෙන්න...!
Reply 0 0
Lion Friday, 14 June 2024 05:37 PM
අනේ යන්න...!
Reply 0 0
kotiya Friday, 14 June 2024 08:54 PM
කණ්ඩායමක් විදියට සහයෝගයක් නෑ නෙවෙයි. කණ්ඩායමක් විදියට කිසි සහයෝගීතාවයක් නෑ...
Reply 0 0
සොමිපාල් Saturday, 15 June 2024 02:15 PM
කෝ මහ එක්කෙනා.. එයාට එළියට එන්න බෑ. දීපු ටොක් වලට...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.