Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කණ්ඩායම් 6 ක් තියුණු සටනක
අයි.පී.එල්. - 2023

කණ්ඩායම් 6 ක් තියුණු සටනක

editorial - 2023 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරග 55 ක් නිමාවට පත්වන විට අවසන් වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා කණ්ඩායම් 6 ක් කරට කර සටනක නිරත වෙමින් සිටියි. මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවල පසුවන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අවසන් වටය පෙනෙන මානයේ පසුවන අතර ඒ සඳහා ඔවුන්ට අවශ්‍යව ඇත්තේ තවත් එක් ජයග්‍රහණයක් පමණි. 

කෙසේ වුවත් අවසන් වටයට සුදුසුකම් ලබාගන්නා සෙසු කණ්ඩායම් දෙක අතරට පැමිණීම සඳහා මුම්බායි ඉන්දියන්ස්, ලක්නව් සුපර් ජයන්ට්ස්, රාජස්ථාන් රෝයල්ස්, කොල්කටා නයිට්රයිඩර්ස්, රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ පන්ජාබ් කිංග්ස් යන කණ්ඩායම් අතර තියුණු තරගයක් පවතී. එමෙන්ම තවත් තරග 4 ක් ඉතිරිව ඇති බැවින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමටද අවසන් වටයට පිවිසීමේ අවස්ථාවක් පවතී. 

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ගුජරාට් කණ්ඩායම මේ දත්වා තරග 11 කට සහභාගි වී ඉන් තරග 8 ක් ජයගෙන, තරග 3 ක පරාජයට පත්ව තිබේ. ඒ අනුව ඔවුහු ලකුණු 16 කට හිමිකම් කියති. චෙන්නායි කණ්ඩායම ලකුණු 15 කට හිමිකම් කියන්නේ තරග 12 කට සහභාගී වී ඉන් තරග 7 ක් ජයගෙන, 4 ක් පරාජයට පත්වෙමිනි. ඔවුන් සහභාගි වූ සෙසු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය. 

මුම්බායි කණ්ඩායම තරග 11 කින් 6 ක් ජයගෙන 5 ක් පරාජයට පත්වෙමින් ලකුණු 12 ක් ලබා තෙවැනි ස්ථානයේද, ලක්නව් කණ්ඩායම තරග 11 කින් 5 ක් ජයගෙන 5 ක් පරාජයට පත්වෙමින් ලකුණු 11 ක් ලබා සිවුවැනි ස්ථානයේද පසුවේ. ලක්නව් කණ්ඩායම ක්‍රීඩාකළ තරගයක්ද වැස්සට සේදී ගියේය. මෙම කණ්ඩායම් දෙකටම මූලික වටයේ තවත් තරග 3 බැගින් ඉතිරිව තිබේ. 

රාජස්ථාන් රෝයල්ස්, කොල්කටා නයිට්රයිඩර්ස්, රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ ජන්ජාබ් කිංග්ස් යන කණ්ඩායම්ද තරග 11 කට බැගින් ක්‍රීඩා කරමින් ජයග්‍රහණ 5 ක් සහ පරාජයන් 6 ක් ලබා ලකුණු 10 බැගින් සම ලකුණු හිමිකර ගෙන සිටියි. කෙසේ වුවත් ශුද්ධ ලකුණු වේගය අනුව එම කණ්ඩායම් 4 පිළිවෙලින් පස්වැනි, හයවැනි, හත්වැනි සහ අටවැනි ස්ථානවල රැදී සිටියි. 

මූලික වටය අවසන් වීම සඳහා තවත් තරග 15 ක් ඉතිරිව ඇති අතර එම තරග අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් 4 අවසන් වටයට සුදුසුකම් ලබනු ඇත. තරගාවලියේ අවසන් වටය සුදුසුකම් ලැබීමේ තරග 2 කින්, පරාජිතයන් ඉවත් කිරීමේ තරගයකින් සහ අවසන් මහ තරගයකින් සමන්විත වේ. 

-036 


අදහස් (0)

කණ්ඩායම් 6 ක් තියුණු සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.