Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාව විනෝද්ට

කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාව විනෝද්ට

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය සංවිධානය කළ විවෘත කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලියේ රන් කාණ්ඩයේ (වයස 15 ත් 17 ත් අතර) ශූරතාව දිනාගැනීමට විනෝද් වීරසිංහ සමත් විය. ඔහුට සමස්ථ තරගය නිමා කිරීම සඳහා වැය වූ පහර සංඛ්‍යාව 231 කි.

විනෝද්ට වඩා පහර 4 ක් වැඩියෙන් (පහර 235) ක්‍රියාත්මක කරමින් තරගය නිමා කළ ආර්මන්ඞ් කල්දේරාට රන් කාණ්ඩයේ අනු ශූරතාව හිමිවිය.

ටානියා බාලසූරියද පහර 235 කින් තරගය නිමා කළ නමුත් පළමු වට දෙකේ පහර සංඛ්‍යාවන්ගේ එකතුව අනුව ආර්මන්ඞ්ට වඩා පහර 3 ක් පසුපසින් සිටීම නිසා ඇයට එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සුදුවිය.

ආර්මන්ඞ් කල්දේරා

පහර 240 කින් තරගය අවසන් කළ කයිල පෙරේරා රිදී කාණ්ඩයේ (වයස 11 ත් 14ත් අතර) ශූරතාව දිනාගැනීමට සමත් වූ අතර එම කාණ්ඩයේ අනු ශූරතාව හිමිකරගැනීමට දිල්ෂාන් මලින්ද සමත් වූයේ පහර 258 කින් තරගය අවසන් කරමිනි.

ලෝකඩ කාණ්ඩයේ (වයස 10 ත් 11 ත් අතර) ශූරතාව දිනාගැනීමට යනික් කුමාර සමත් වූ අතර පහර 182 කින් ඔහු තරගය අවසන් කළේය. පහර 188 කින් තරගය අවසන් කළ නිරේඛ් තේජ්වානිට එම කාණ්ඩයේ අනු ශූරතාව හිමිවිය.

වට දෙකකින් සමන්විත වූ තඹ කාණ්ඩයේ (වයස 9 ට අඩු) ශූරතාව දිනාගැනීමට ශනාල් බිනුක්ෂ සමත් වූ අතර එහි අනු ශූරතාව ක්වාන් තේජ්වානිට හිමිවිය. තරගය නිම කිරීම සඳහා ශනාල්ට පහර 95 ක්ද, ක්වාන්ට පහර 96 ක්ද වැයවිය.

මෙම තරගාවලියේදී අවුරුදු 15 සිට 17 දක්වා වයස් කාණ්ඩයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් කාණ්ඩයෙන්ද, අවුරුදු 11 සිට 14 දක්වා වයස් කාණ්ඩයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී කාණ්ඩයෙන්ද, වයස් අවුරුදු 10 සිට 11 දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකඩ කාණ්ඩයෙන්ද, අවුරුදු 9 ට අඩු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තඹ කාණ්ඩයෙන්ද තරග වැදිණ.
 
ප්‍රීමා සමාගමේ අනුග්‍රහයෙන් පැවැති මෙම තරගාවලිය දින 3 ක් පුරා කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

 

(ඡායාරූප - ශානුක අරවින්ද)


අදහස් (0)

කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාව විනෝද්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.