Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මොටර් රථ රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය එක්ව පළමු වරට සංවිධානය කරන ‘කමාන්ඩෝ අභියෝගය’ සුපර් ක්‍රොස් මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ඔක්තොබර් මස 9 වැනිදා පෙරවරු 9.00 සිට ඌව, කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්වේ.
දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගන්නා තරගද සමගින් මෝටර් රථ තරග 12 ක් සහ යතුරුපැදි තරග 10 ක් මෙම තරගාවලියට අයත් වෙයි. ඒ සඳහා දිවයිනේ ප්‍රධාන පෙළේ මෝටර් රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන් ඇතුළු තරගකරුවන් 150 ක් පමණ සහභාගි වීමට නියමිතය.
කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ අලුතින් ඉදිකර තිබෙන සුපර්ක්‍රොස් ධාවන පථය කිලෝමීටර් 1.68 ක් දුරකින් සමන්විත වන අතර ශ්‍රී ලංකා මොටර් රථ රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයකු මෙන්ම ප්‍රවීණ ධාවන පථ සකස් කරන්නකු වන හාන්ස් රැල්ෆ් කර්ප්‍රින්ස්කි මහතා විසින් ජාත්‍යන්තර මට්ටමේ සම්මතයන්ට අනුව මෙම ධාවන පථය සකසා තිබේ.
සියැට් කැලණි සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.
මෙම තරගාවලියට සමගාමීව “කමාන්ඩෝවරුන් සමග පැදයන්න” තේමාව යටතේ දින තුනක ගවේෂණාත්මක ධාවනයක්ද පැවැත්වෙන අතර එය ඔක්තෝබර් මස 3 වැනිදා සිට 5 වැනිදා දක්වා බස්නාහිර, මධ්‍යම, නැගෙනහිර සහ ඌව යන පළාත් 4 යා කරමින් පැවැත්වෙයි.
දිවයිනේ විවිධ භූ විෂමතා ලක්ෂණ වලින් යුත් ප්‍රදේශ හරහා මෙහිදී ධාවනයේ යෙදීමට නියමිතය. එහිදී රිවර්ස්ටන් සහ හුන්නස්ගිරිය ආදී කඳුකර ප්‍රදේශවල ධාවනය කිරීමේ අත්දැකීම ලබා ගැනීමටද ඊට සහභාගි වන්නන්ට අවස්ථාව හිමිවේ.
ගවේෂණාත්මක ධාවනයේ ගමන් මාර්ගය වන්නේ මහනුවර, වත්තේගම, සෙම්බුවත්ත, ලොග්ගල් ඔය, මහියංගනය, සොරබොර වැව, මහඔය, දමන, ආරුගම්බේ හරහා ඌව කුඩාඔය දක්වා වන මාර්ගයයි. කිලෝමීටර් 566 ක දුරක් ආවරණය වන පරිදි මෙම මාර්ගය සකස්කර තිබේ.
පළමු දිනයේදී කිලෝමීටර් 166 ක දුරක් ආවරණය කරමින් මහනුවර සිට උල්හිටිය දක්වා ගමන් ගන්නා මෙම ගවේෂණාත්මක ධාවනය, දෙවැනි දිනයේදී උල්හිටිය සිට ආරුගම්බේ දක්වා කිලෝමීටර් 260 ක දුරක්ද, තෙවැනි දිනයේදී ආරුගම්බේ සිට ඌව කුඩාඔය දක්වා කිලෝමීටර් 140 ක දුරක්ද ගමන් කිරීමට නියමිතය.
මෙම තරගාවලියෙන් ලැබෙන ආදායම කමාන්ඩෝ රෙජිමේන්තුවේ සුභසාධන කටයුතු සඳහා යොදාගැනීමට අපේක්ෂා කරන බව සංවිධායකයෝ පවසති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.