Last Update  :  2024-12-27 18:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්ලිෆඩ් කුසලාන බොක්සිං තරග 18 වැනිදා සිට

ක්ලිෆඩ් කුසලාන බොක්සිං තරග 18 වැනිදා සිට

editorial - 2024 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන 94 වැනි ක්ලිෆඩ් කුසලාන බොක්සිං තරගාවලිය මෙම මස 18 වැනිදා සිට 22 වැනිදා දක්වා සෑම දිනකම පස්වරු 2.00 සිට මහනුවර සහස් උයන එළිමහන් පරිශ්‍රයේදී පැවැත්වේ.  

මෙම තරගාවලිය මින් පෙර පැවැති ආධුනික, අතරමැදි, ජාතික, ජාතික කනිෂ්ඨ සහ ස්ටබ්ස් පළිහ වැනි ජාතික මට්ටමේ බොක්සිං තරගාවලි වලදී ජයග්‍රහණ ලැබූ මේ වන විට වයස අවුරුදු 19 ත් 40 ත් අතර පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් සීමා වනු ඇත. 

පිරිමි අංශයෙන් බර පංති 13 ක් යටතේද, කාන්තා අංශයෙන් බර පංති 12 යටතේද පැවැත්වෙන මෙම තරගාවලියේ සියලු තරග ජාත්‍යන්තර ආධුනික බොක්සිං සංගමය විසින් හඳුන්වාදෙනු ලැබූ නවතම නීති රීති වලට අනුව පැවැත්වේ. 

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිණැමෙන අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවටද විශේෂ කුසලාන හිමිවේ. එහිදී වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් දිනාගන්නා පිරිමි ක්‍රීඩා සමාජයට ක්ලිෆර්ඩ් කුසලානද, කාන්තා ක්‍රීඩා සමාජයට ඩයන් ගෝමස් අභියෝග කුසලානද හිමිවනු ඇත. 

කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ඉකුත් වසරේ (2023) පැවැති 93 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට රන් පදක්කම් 9 ක් දිනාගත් යුද හමුදාව සමත් විය. එවර කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ රන් පදක්කම් 5 ක් දිනාගත් ගුවන් හමුදාව විසිනි. 

ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 48) බර පංතිය යටතේ තරග වැදුණු යුද හමුදාවේ එච්.එම්.එල්.පී. ජයවර්ධන දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, ෆෙදර් (කිලෝ ග්‍රෑම් 57) බර පංතිය යටතේ තරග වැදුණු කේ.කේ.අයි.ටී. පෙරේරා දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී සම්මාන ලැබූහ. 

 


අදහස් (0)

ක්ලිෆඩ් කුසලාන බොක්සිං තරග 18 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.