Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කසකස්තාන තරග සංචාරය වැටඋඩ

කසකස්තාන තරග සංචාරය වැටඋඩ

editorial - 2021 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

අද (15) දිවයිනෙන් පිටත්ව යාමට සැලසුම් කර තිබූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ කසකස්තාන තරග සංචාරය  විසා ලබා ගැනීමේ ප්‍රශ්නයක් මත  ඊයේ (14) වන විට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ.

ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් නිර්දේශ කර තිබුණි. කසකස්තානයේ දී මෙම මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන සෙනසුරාදා හා ඉරිදා (19-20) දිනවලදීය.

ඊයේ වනවිටත් එරටට ඇතුළුවීමේ විසා අවසරපත් ශ්‍රී ලංකා කණ්ඩායමට නිකුත් කර නොතිබූ බැවින් තරග සංචාරය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබුණි.

දීර්ඝ ගුවන් ගමනකින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම කසකස්තානයට ඇතුළු වන බැවින් මෙරටින් පිටවීම අඩු තරමින් හෙට (16) දිනයේදිවත් සිදුකර ගැනීමට නොහැකි වුවහොත් මෙම තරග සංචාරය අතහැර දැමීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැති බවත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරයි.

කසකස්තාන් තරග සංචාරය සාර්ථක කර ගැනීමේ අරමුණින් කසකස්තාන් මලල ක්‍රීඩා බලධාරීන්ට දුරකතනය ඔස්සේ ඇමතීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ප්‍රධානීන් ඊයේ දැරූ උත්සහයන් ද සාර්ථක නොවීමෙන් තත්ත්වය තවත් ව්‍යාකුලවී තිබුණි.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීපය’ කළ විමසුමකදී  ශ්‍රී ලංකා මලල  ක්‍රීඩා සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවසුවේ රුපියල් ලක්ෂ හතක් දක්වා  ඉහළ ගොස් ඇති කසකස්තානයට යාමේ ගුවන් ප්‍රවේශපත්‍ර (එක් අයකුට) වෙන් කර ගැනීමේ දුෂ්කරතාවයක්ද මේ වනවිට පැන නැගී තිබෙන බවයි.

කෙසේ වුවත් අවසන් මොහොත දක්වා මෙම තරග සංචාරය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා වෙර දරන බවත් ඔහු පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ අඩුම තරමින් තරගාවලියට දින දෙකකට කලින්වත් කසකස්තානයට ඇතුළුවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි වේ නම් ගමන් විඩාව හා පෙර පුහුණු කාලය මග හැරීම තුළ මෙම තරග සංචාරයෙන් පළක් නොවන බවයි.

මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීපදෙනකු සඳහා ටෝකියෝ ඔලිම්පික් උළෙලේ නිර්දේශ ලබා ගැනීමට දරන අවසන් උත්සාහයක් ලෙස මෙම තරග සංචාරය සුදානම් කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා උනන්දු වී සිටියි.

නිමාලි ලියනආරච්චි (මීටර 800-කාන්තා), කාලිංග කුමාරගේ (මීටර 400-පිරිමි), නදිෂා රාමනායක, (මීටර් 400-කාන්තා), යුපුන් අබේකෝන් (මීටර 100- පිරිමි),  සුමේධ රණසිංහ (හෙල්ල විසි කිරීම- පිරිමි) නිර්දේශ ලැබීමෙන් පසු තරග සංචාරයට සුදානම්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රීඩිකාවෝ වෙති.

 


අදහස් (0)

කසකස්තාන තරග සංචාරය වැටඋඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.