Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
වීසා ලැබීම ප්රමාදවීම හේතුවෙන් ශ්රී ලංකා එක්දින ක්රිකට් කණ්ඩායමේ නායක මෙන්ම විස්සයි-20 ක්රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස්ට සහ වේග පන්දු යවන ක්රීඩක අසිත ප්රනාන්දුට අද (14 වැනිදා) කණ්ඩායම සමග ඇමරිකාව බලා පිටයත්ව යෑමට නොහැකි වී තිබේ.
තරගාවලියට සහභාගිවන ශ්රී ලංකා කණ්ඩායම ඇමරිකාව බලා අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගිය අතර ඊට සංචිතයට ඇතුළත් ක්රීඩකයන් 12 දෙනෙක්, අතිරේක ක්රීඩකයෝ දෙදෙනෙක් සහ සහාය කාර්ය මණ්ඩලයේ සාමාජිකයෝ ඇතුළත් වූහ. කෙසේ වුවත් ඊයේ පස්වරුව වන තෙක්ම වීසා ලැබී නොතිබීම හේතුවෙන් කුසල්ට සහ අසිතට කණ්ඩායම සමග ඇමරිකාව බලා යෑමට නොහැකි වූහ.
ඒ පිළිබඳව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ඉහළ නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ කණ්ඩායමේ ක්රීඩකයන්ට සහ සහාය කාර්ය මණ්ඩලයට ඇමරිකානු වීසා හිමිව ඇත්තේ එක් එක් කාල පාරාසයන් සඳහා බවත්, වීසා ලැබෙන සැනින් කණ්ඩායම සමග එක්වීම සඳහා කුසල් සහ අසිත ඇමරිකාව බලා පිටත්කර යවන බවත්ය.
එහිදී වැඩිදුරටත් දැනගත හැකි වූයේ ඇතැම් ක්රීඩකයන්ට අවුරුදු 5 ක කාලයක් සඳහා වීසා හිමිවෙද්දී, තවත් පිරිසකට වීසා ලැබී ඇත්තේ මාස 3 ක කාලයක් සඳහා පමණක් බවය. කුසල්ගේ සහ අසිතගේ වීසා ප්රතික්ෂේප වී නොමැති බැවින් ඉතා ඉක්මනින් ඔවුන්ටද වීසා ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකාවෙන් පිටත්ව ගිය පිරිසට අමතරව මේ වන විට ඉන්දීය ප්රීමියර් ලීග් තරගාවලියට සහභාගි වෙමින් සිටින මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර සහ විජේකාන්ත් වියස්කාන්ත්ද එහි මූලික වටයේ තරග අවසන් වූ සැනින් ඉන්දියාවේ සිට ඇමරිකාව බලා ගොස් ශ්රී ලංකා කණ්ඩායම සමග එක් වීමට නියමිතය.
අද පෙරවරු 10.26 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානකින් (පැය 4 හමාරක කාලයක්) ඩුබායි බලා පිටත්ව ගිය ශ්රී ලංකා කණ්ඩායමට, එහි පැය 12 ක කාලයක් රැදී සිට නැවත ඇමරිකාවේ නිව්යෝක් නුවර බලා පැය 14 කට වැඩි කාලයක් ගමන් කිරීමට සිදුව තිබේ. ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමේ ඇමරිකානු ගමනට ගතවන මුළු කාලය පැය 30 ක් ඉක්මවා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.