Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ නව වාර්තාවක් පිහිටුවමින් පාසල් කණ්ඩායමක් ඉනිමකදී ලකුණු 6 කට දවාලීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.
ගල්කිස්සේදී පැවැති අන්තර් පාසල් I වැනි කොටසේ තරගයකදී අනුකම්පා විරහිත පන්දු යැවීමක නිරත වූ කළණ පෙරේරා ප්‍රමුඛ ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩකයෝ කෑගල්ල ශාන්ත මරියා විදුහලේ දෙවැනි ඉනිම ලකුණු 6 කට සීමා කිරීමට සමත් වූහ.
ශාන්ත මරියා විද්‍යාලය සිය දෙවන ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 6 න් 4 ක්ම අතිරේක ලකුණු වූ අතර වමතින් වේග පන්ද යවන ක්‍රීඩක කළණ පෙරේරා දෙවැනි ඉනිමේදී ලකුණක් පමණක් දෙමින් කඩුලු 8 ක් දවාගත්තේය.
කළණ පෙරේරාගේ දස්කම් හමුවේ සාන්ත තෝමසුවන් විසින් බිඳ දමන ලද්දේ වසර 133 ක් පැරණි වාර්තාවකි. 1885 වසරේදී කොළඹ රාජකීය විදුහල ලකුණු 9 කට දවාගනිමින් සාන්ත තෝමස් විදුහල එහි පැරණි වාර්තාව පිහිටුවා තිබිණ.
කලණ පෙරේරා, පළමු ඉනිමේදී ලකුණු 17 කට කඩුලු 8 ක් සහ දෙවැනි ඉනිමේදී එක් ලකුණකට කඩුලු 8 ක් දවාගනිමින් ඉනිම දෙකේදීම ලකුණු 18 කට කඩුලු 16 ක් බිඳහෙළීමට සමත් විය. ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමද නියෝජනය කළ ක්‍රීඩකයකු වන කළණගේ කැපී පෙනෙන දස්කම් හමුවේ සාන්ත තෝමස් විදුහලට මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 233 ක දැවැන්ත ජයක් හිමිවිය.
පළමුවෙන් පන්දුවට පහරදුන් සාන්ත තෝමස් විදුහල කඩුලු 8 ක් දැවී ලකුණු 311 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ උමයංග සුවාරිස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 107 ක් රැස්කළේය.
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 64.3 කදී කඩුලු 8 ක් දැවී 311
(උමයංග සුවාරිස් නොදැවී 107, ශලින් ද මෙල් 66, සිතිර හපුහින්න 47, ඩියෝන් ප්‍රනාන්දු 46, කළණ පෙරේරා 25, හිරාන් බියගම 85/4, සිනෙත් විරසූරිය 102/3)
ශාන්ත මරියා විද්‍යාලය පළමු ඉනිම - ඕවර 23 කදී සියලු දෙනා දැවී 72
(පසන් වලිසිංහ නොදැවී 34, කලණ පෙරේරා 17/8)
ශාන්ත මරියා විද්‍යාලය දෙවැනි ඉනිම - ඕවර 10.5 කදී සියලු දෙනා දැවී 06
(කලණ පෙරේරා 01/8)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.