Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිකට් ආයතනය වටේම පොලිස්- යුද හමුදා වැටක්

ක්‍රිකට් ආයතනය වටේම පොලිස්- යුද හමුදා වැටක්

editorial - 2023 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරි මණ්ඩලය ඉවත් කිරීමට අද (09) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට සහාය පළකරමින් සිවිල් ක්‍රියාකාරීහු සහ ක්‍රීඩා ලෝලීහු පිරිසක් ක්‍රිකට් ආයතනය ආසන්නයේ අද (9) විරෝධතාවයක නිරත වූහ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙසට පිවිසෙන කොළඹ 7 විද්‍යා මාවත මාර්ග බාධක යොදා ඊයේ තාවකාලිකව වසා දැමීමට පොලිසිය පියවර ගත්තේය.

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වීමට සිවිල් ක්‍රියාකාරීන් සහ ක්‍රීඩා ලෝලීන් සූදානමින් සිටිය ද ඊට පිවිසෙන මාර්ග තාවකාලිකව වසා දමා තිබූ නිසා ඔවුන්ට ඒ ආසන්නයට වී විරෝධතාවේ යෙදීමට සිදුවිය.

ක්‍රීඩා ලෝලීහු ජාතික කොඩි ප්‍රදර්ශනය කරමින් හා සටන් පාඨ කියමින් ක්‍රිකට් ආයතනයට පිවිසෙන මාර්ගය අසල විරෝධතාවේ නිරත වූහ.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ක්‍රිකට් සම්බන්ධයෙන් විගණන වාර්තාවක් ලබාදෙන ලෙස ද ඔවුහු එහි දී ඉල්ලා සිටියහ.

මෙම තත්වය හේතුවෙන් ක්‍රිකට් ආයතනය අවට ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් ද ඊයේ දිනයේ යොදවා තිබිණි.

කැරැලි මර්දන ඒකකය පොලිස් විශේෂ කාර්ය බළකාය සහ හමුදාව ද ක්‍රිකට් ආයතනය ඉදිරිපිටට කැඳවීමට පියවර ගෙන තිබිණි.

ක්‍රිකට් ආයතනයට ගමන් කළ හැකි සියලු පිවිසුම් මාර්ග පොලිසිය විසින් අවහිර කරනු ලැබ තිබූ අතර පසුව ඒවා ගමනාගමනයට විවෘත කිරීමට පියවර ගනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පිවිසෙන මාර්ගය අසල පිරිස විරෝධතාවයේ නිරතව සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)


අදහස් (0)

ක්‍රිකට් ආයතනය වටේම පොලිස්- යුද හමුදා වැටක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.