Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
වසර 2028 ට නියමිත ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උළෙල සඳහා විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කර තිබෙන බැවින් මීළඟට පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී (2025-29) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඡන්ද බලය හිමිවනු ඇත.
ඩොලර් බිලියන හතකට ආසන්න ව්‍යාපෘතියක් වන ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරදී සංවිධානය කෙරෙන 2028 (36) වැනි (ගිම්හාන) ඔලිම්පික් උළෙල එහිදී පැවැත්වීමට නියමිතව ඇත්තේ එම වසරේ ජුලි 14 සිට ජුලි 30 වැනිදා දක්වාය. මේ වන විට ඊට ඇතුළත් කර තිබෙන ක්‍රීඩා ඉසව් ගණන 30ක් දක්වා ඉහළ නංවා තිබේ.
එහිදී විශේෂිතම සිදුවීමක් වන්නේ මේ දක්වා (ගිම්හාන) ඔලිම්පික් උළෙල බහුතරයකට ඇතුළත් කර තිබූ බොක්සිං ක්‍රීඩා ඉසව්ව 2028 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උළෙලෙන් ඉවත් කිරීමට අන්තර් ජාතික ඔලිම්පික් සභාව ගෙන ඇති තීරණයයි.
ඊට ආසන්නම හේතුව අනුග්‍රාහකයන් තෝරා ගැනීමේදී අන්තර් ජාතික බොක්ෂින් සම්මේලනය දූෂණ චෝදනා ලැබීම හේතුවෙන් ඔවුන් අන්තර් ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකත්වයෙන් මේ වන විට නෙරපා දමා තිබෙන බැවිනි. කෙසේ වුවත් බොක්සින් ජාත්‍යන්තර තරගාවලි බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ සම්බන්ධීකරණයෙන් මේ වන විට ‘වර්ල්ඩ් බොක්ෂින්’ (ලෝක බොක්ෂින්) යනුවෙන් සංවිධානයන් ගොඩ නගා තිබේ. එහි සාමාජිකත්වය මෙතෙක් ශ්‍රී ලංකාව ලබා නැති බවද වාර්තාවේ.
මේ අතර 1896 ආරම්භ වූ නූතන ඔලිම්පික් උළෙල සඳහා විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාව මුල්වරට හඳුන්වාදීම සිදු කළත් 1900 පැරිස් ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් (පිරිමි) ඉසව්ව යටතේ සත්කාරක ප්‍රංශය හා මහා බ්‍රිතාන්‍ය අතර දෙදින තරගයක් පවත්වා තිබෙන අතර එහිදී රන් පදක්කම මහා බ්‍රිතාන්‍යයට අත්ව තිබේ. ලොස් ඇන්ජලිස් (2028) ඔලිම්පික් උළෙලට පෙර ඉතා ආසන්නයේදී මීළඟට පැවැත්වෙන ඔලිම්පික් උළෙල මෙම වසරේ ජුලි 26 සිට අගෝස්තු 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වේ. එය අවසන් වීමෙන් පසුව සිය රටවල ජාතික ඔලිම්පික් කමිටු නිලවරණ ප්‍රමාදයකින් තොරව පවත්වා අවසන් කිරීමට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව සිය නියමය ලෙස සාමාජික රටවලට උපදෙස් ලබාදී තිබේ.
එහි සාමාජික රටවල ඔලිම්පික් කමිටු සඳහා නිලවරණ කැඳවීමේදී ඡන්ද ඒකක ලෙස කටයුතු කිරීමේ අවස්ථාව හිමි වන්නේ ඊළඟට ආසන්නයේ යෙදෙන ඔලිම්පික් උළෙල සඳහා නිර්දේශ කර ඇති ක්‍රීඩා ඉසව් පාලනය කරන ජාතික ක්‍රීඩා සංගම් වෙතය.
ඒ අනුව ආසන්නයේ යෙදී තිබෙන 2028 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උළෙල විස්සයි-20 ක්‍රිකට් ඇතුළත් කර තිබෙන බැවින් ශ්‍රී ලංකාවේ මීළඟට කැඳවෙන (2025) ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් එහි සාමාජිකත්වය ප්‍රදානය වනු ඇත.
මේ අතර ඉහත නියමයට අනුව ලොස් ඇන්ජලිස් 2028 ඔලිම්පික් උළෙල සඳහා බේස්බෝල් හා ස්කොෂ් යන ක්‍රීඩා ඉසව්ද ඇතුළත් කර තිබෙන බැවින් ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනයට හා ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයටද මීළඟට යෙදෙන ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී ඡන්ද බලය හිමිවනු ඇත.
ඒ අතර ශ්‍රී ලංකා කරාටේදෝ සම්මේලනයට හා ශ්‍රී ලංකා රෝද සපත්තු සංගමයටද ජාතික ඔලිම්පික් කමිටුවේ 2025 නිලවරණයේදී ඡන්ද බලය අහිමි වේ. ඒ රෝද සපත්තු හා කරාටේ යන ක්‍රීඩා ඉසව්ද ලොස් ඇන්ජලිස් ක්‍රීඩා උළෙලින් ඉවත් කර ඇති බැවිනි.
කෙසේ වුවත් ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික ජාතික ක්‍රීඩා සංගම් නාමලේඛනයේ ඔලිම්පික් ක්‍රීඩා හා ඔලිම්පික් නොවන ක්‍රීඩා යනුවෙන් ජාතික ක්‍රීඩා සංගම් කාණ්ඩ දෙකකින් ක්‍රියාත්මක වන අතර එහි නිලවරණයේදී ඡන්ද බලය හිමි වන්නේ ඔලිම්පික් ක්‍රීඩා ඉසව් ගණයට ඇතුළත්වන ජාතික ක්‍රීඩා සංගම්වලට පමණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.