Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
වසර 70 කටත් අධික කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානතම දිරිගන්වන්නා ලෙස මෙරට ජනතාවගේ ගෞරවයට පාත්‍රවූ පර්සි අබේසේකර අද (30) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
මිය යනවිට 87 හැවිරිදි වියේ පසුවූ අබේසේකර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නකු ලෙස වසර 1948 සිට කටයුතු කර තිබෙන අතර ඒ වන විට 12 හැවිරිදි වියේ දරුවකු විය.
1936 ජූලි 30 වැනිදා බලපිටියේදී උපතලද පර්සි අබේසේකර මහතා 1979 සිට සිංහ කොඩිය අතැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නකු ලෙස ක්‍රිකට් පිටියේ ප්‍රීති ඝෝෂා නගා තිබේ. පර්සිගේ සේවය අගයමින් ඉකුත් දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට රුපියල් මිලියන 5ක් පරිත්‍යාග කළේය.
ඒ මෑතක සිට ඔහු අසනීප තත්වයෙන් පසුවන බැවින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහාය. ඔහු වෘත්තියෙන් ඒ.සී.එල්. කේබල්ස් ආයතනයේ මහජන සබඳතා උපදේශකවරයකු ලෙස කටයුතු කළ අතර තරුණ කාලයේ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස දක්ෂතා දැක්වූ බැවින්ද පසුකාලයේ ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය දිරිගන්වන්නා ලෙස අන්තර්ජාතික වශයෙන්ද අවධානයක් දිනාගත්තේය.
ක්‍රිකට් පිටියේ කිසිවකුත් වෙනුවෙන් පෞද්ගලිකව පෙනී නොසිටීම ඔහුගේ දිරිගැන්වීමේ සුවිශේෂීතම ලක්ෂණයක් විය. ඔහු වරක් මෙසේ පවසමින් ඒ පිළිබඳව අදහස් දැක්වීය.
“මම පර්සි ක්‍රිකට් පිස්සෙක්. ඒත් කම්මැලි ක්‍රිකටර්ස්ලාටයි, ප්‍රේක්ෂකයන්ටයි, පරිපාලන නිලධාරීන්ටයි මගෙන් කිසිම අනුකම්පාවක් නෑ.“
ඉංග්‍රීසි භාෂාව හැසිරවීමෙහිලා අතිදක්ෂයකු වීම පර්සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන දිරිගන්වන්නා වීමට වඩාත් පහසු කළේය. ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ ගෞරවයට පාත්‍රවූ පර්සිගේ සුවදුක් විමසූ මෑතකාලීන ක්‍රීඩකයන් අතර, ඉන්දීය ක්‍රිකට් පිලේ නායක රෝහිත් ශර්මාද වේ. පර්සි අබේසේකර මහතා ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලේ ආදි සිසුවෙකි.
පර්සිගේ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ලැබේ.
RANDIL Tuesday, 31 October 2023 09:07 AM
පර්සි ක්‍රිකට්වලට කරපු දේවල් වලින් අංශුමාත්‍රයක් තරමටවත් කරලා නෑ. දැන් ඉන්න ක්‍රිකට් ටීම් එකේ මෙම්බර්ස්ලා...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.