Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිකට් සභාපතිවරයාගේ පිලේ නායකත්වය කමිඳුට

ක්‍රිකට් සභාපතිවරයාගේ පිලේ නායකත්වය කමිඳුට

editorial - 2023 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරග 2 කට සහභාගී විම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන දෙදින පුහුණු තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට හිමිව තිබේ.

මෙම පුහුණු තරගය හෙට (11 වැනිදා) සහ අනිද්දා (12 වැනිදා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය සඳහා නම් කර ඇති 14 දෙනකුගෙන් සමන්විත සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් 8 දෙනකුම ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයෝ වෙති.

කමිඳු මෙන්ඩිස්ට අමතරව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ නිරෝෂන් දික්වැල්ල, ඕෂද ප්‍රනාන්දු සහ ප්‍රවීන් ජයවික්‍රම යන ක්‍රීඩකයෝද මෙම තරගය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ සංචිතයට ඇතුළත්ව සිටිති.


ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ සංචිතය
කමිඳු මෙන්ඩිස් (නායක), නිරෝෂන් දික්වැල්ල, ඕෂද ප්‍රනාන්දු, සඳුන් වීරක්කොඩි, අහන් වික්‍රමසිංහ, නිපුන් ධනංජය, නුවනිඳු ප්‍රනාන්දු, ලක්ෂිත මනසිංහ, ප්‍රවීන් ජයවික්‍රම, ශෂික දුල්ෂාන්, කවිෂ්ක අංජුල, මිලාන් රත්නායක, අසංක මනෝජ්, මොහොමඩ් සිරාස්

 


අදහස් (0)

ක්‍රිකට් සභාපතිවරයාගේ පිලේ නායකත්වය කමිඳුට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.