Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ගෙවී යන වසරේදී (2024) ගතවූ මාස 11 වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් කෝටි 200 ක් හෙවත් මිලියන 2000 කට ආසන්න මුදලක් වියදම් ලෙස දක්වා තිබේ. ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් හැරෙන්නට අමාත්‍යාංශයේ නඩත්තු කටයුතු සදහා මෙම වියදම් එකී කාලය තුළදී දරා තිබේ.
ලංකාදීපය කළ විමසුමකදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා පැවැසුවේ මේ වන විට ජාතික ක්‍රීඩා අරමුදල (ගිණුමේ) හිස්ව පැවැතියත් වසරේ ඉතිරි කාල සීමාවේදී අමාත්‍යාංශයේ කටයුතු පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය අරමුදල් පවතින බවයි.
නව රජය පත්වීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍ය ධූරය සදහා සුනිල් කුමාර ගමගේ මහතාත් ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති ධූරය සදහා සුගත් තිලකරත්න මහතාත් පත්ව සිටිති. ඒ සමගම වැඩ බාර ගත් ක්‍රීඩා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වන්නේ අරුණ බන්ඩාර මහතායි.
දින 50 කට සීමාවූ භාරකාර රජයේ ක්‍රීඩා ඇමැති ධූරයේ වැඩ බැලූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ උපදෙස් පරිදී ඉදිකිරීම් ආරම්භ කර තිබූ සංවර්ධන ව්‍යාපෘති කීපයක වැඩ එකී කාලය තුළදී අවසන් කර ජනතා අයිතියට පවරා තිබේ. කොළඹ සහ මාතලේ කෘතීම හොකී ක්‍රීඩාංගණ හැරෙන්නට ඇණහිට තිබූ වවුනියාව (ඕමන්තෙයි) දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය හා බිංගිරිය (වයඹ පළාත්) ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම් අවසන් කර විවෘත කර තිබේ.
හිටපු ක්‍රීඩා අමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මෙනවිය උපදෙස්දී ඇත්තේ එකී ඉදිකිරීම් අවසන් කළ පසුව කිසිදු ආකාරයේ උත්සව විශේෂාංග හා ප්‍රසිද්ධ කිරීමකින් තොරව ක්‍රීඩාංගණ විවෘත කරන ලෙසයි. ඒ හෙතුවෙන් මෙම ක්‍රීඩාංගණ විවෘත කිරීම් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහභාගිත්වයෙන් පමණක් සිදු කර තිබේ.
2024 වසරේදී සංවර්ධන කටයුතු සදහා අමාත්‍යාංශය රුපියල් කෝටි 100 කට ආසන්න මුදලක් වැය කර ඇති අතර ක්‍රීඩා අමාත්‍යාංශය හා එහී රේඛීය දෙපාර්තමේන්තුව වන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නඩත්තු කටයුතු පවත්වා ගෙන යාම සදහා තවත් රුපියල් කෝටි 100 ක් පමණ වැයකර තිබේ.
වාර්තා වන පරිදි කොළඹ ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ පිටිය, ඇතුළුව මාතර කොටවිල දකුණු පළාත් ක්‍රීඩාංගණය, රත්නපුරය සබරගමුව පළාත් ක්‍රීඩාංගණය, කිළිනොච්චිය උතුරු පළාත් ක්‍රීඩාංගණය, පොළොන්නරුව කදුරුවෙල දිස්ත්‍රික් ක්‍රීඩාංගණය, බන්ඩාරගම කළුතර දිස්ත්‍රික් ක්‍රීඩාංගණය, වතුපිටිවල ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩාංගණය, බෙලිඅත්ත හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩාංගණය, දඩල්ල ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩාංගණය සහ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය යන ක්‍රීඩා සංකීර්ණ ප්‍රතිසංස්කරණ හා ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.
ලබන මාර්තු මාසය දක්වා ක්‍රීඩා අමාත්‍යාංශයේ නඩත්තු සහ වියදම් පවත්වා ගෙන යාමේ ගැටළුවක් පැන නොනගින බවද දැනගන්නට ඇත.
ක්‍රීඩා ඇමැතිවරයාට උපදෙස් දෙන අමාත්‍යාංශයේ ප්‍රධානතම ඒකකය වන ජාතික ක්‍රීඩා සභාව ඉකුත් ජනාධිපතිවරණයෙන් පසුව ක්‍රියාත්මක නොවේ.
අමාත්‍යාංශයේ මෙතෙක් කටයුතු කරමින් සිටි නිති උපදේශකවරුන්ගේ සේවයද මේ වන විට අවසන්ව තිබේ. ඒ අතර හරීන් ප්‍රනාන්දු මහතා විසින් පසුගිය මැයි 16 වැනිදා සිට පත් කළ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඔම්බුඩ්ස්මන්වරයා ලෙසින් සිටි චූලානන්ද පෙරේරා මහතා ද මේ වන විට ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.