Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩා ඇමැති උසාවි යයි

ක්‍රීඩා ඇමැති උසාවි යයි

editorial - 2023 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව අභියාචනාධිකරණය පනවා තිබෙන තහනම ඉවත් කරවා ගැනීම සඳහා මුලපුරමින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා අනිද්දා (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමට තීරණය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් ඇමැතිවරයා ඊයේ (10) වන විට නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගනිමින් සිටි බවද එහිදී වාර්තා වේ. නීතිපතිවරයා සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයා ඉකුත් දිනවලදී මතභේදාත්මක ප්‍රකාශ සිදු කළත් මේ වනවිට එම තත්වය සමනය වී තිබෙන බවත් වාර්තා වේ.

ඉරිදා (5) අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් සත් පුද්ගල ක්‍රිකට් අතුරු කමිටුවක් ප්‍රකාශයට පත් කළේය.

මෙම ක්‍රියාදාමය වළක්වමින් අභියාචනාධිකරණයෙන්  ලබන බ්‍රහස්පතින්දා (16) දක්වා තහනම් නියෝගයක් පැනවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බලමිනි.

ඒ අනුව බ්‍රහස්පතින්දා මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් යළි සලකා බැලීමට නියමිතය. අභියාචනාධිකරණයේ මෙම තහනමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබාගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාම ක්‍රීඩා ඇමැතිවරයාගේ අපේකෂාවයි.

එහිදී ක්‍රීඩා ඇමැතිවරයා වෙනුවෙන් පෞද්ගලිකව නීතිඥවරුන් පිරිසක් පෙනී සිටිනු ඇතැයි ද වාර්තාවේ. ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මේ වනවිට ක්‍රීඩා අමාත්‍යංශයේ එතෙක් කටයුතු කරමින් සිටි නීති උපදේශකවරිය ඉවත් කර තිබෙන බැවින් ඒ වෙනුවට තාවකාලිකව පත්කළ නීතිඥවරුන් දෙදෙනකු  අමාත්‍යාංශයේ සේවයට බඳවා ගෙන තිබේ.

කෙසේ වුවත් ඔවුන්ද මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවයෙන් ඉවත් ගොස් තිබෙන බැවින් නිත්‍ය නීති උපදේශකවරයකු අමාත්‍යාංශයට  බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවා ඇතැයි ද වාර්තා වේ.


අදහස් (2)

ක්‍රීඩා ඇමැති උසාවි යයි
  • An honest cricket fan Saturday, 11 November 2023 09:19 AM

    අයි.සී.සී කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙන්න බැහැ... වෙන එකක් වෙන්න ඇති. පාර්ලිමේන්තුව විසින් බලතල ලබාගෙන ඒකච්ඡන්දයෙන්ම SLC දූෂිත විධායක නිලධාරීන් ඉවත් කළ යුතුය. අයි.සී.සී. එක දැනටමත් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරලා තියෙන්නේ..

    Reply 0       0

    A concerned citizen Saturday, 11 November 2023 02:46 PM

    පාර්ලිමේන්තුව වැරැදි විනිසුරුවන්ට එරෙහිවත් කටයුතු කරන්න ඕනේ.. දේශපාලකයින්ගේ කීමට වැඩ කරන විනිශ්චයකරුවන් වෙනුවෙන් පාර්ලිමේන්තුව කටයුතු කළ යුතුයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.