Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිකට් නිලවරණයට එරෙහිව නීතිය හමුවට යනවා

ක්‍රිකට් නිලවරණයට එරෙහිව නීතිය හමුවට යනවා

රොෂාන් ගුණරත්න - 2018 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ මස 31 වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණය නීති විරෝධී බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නිතීය හමුවට යෑම සඳහා බලාපොරොත්තුවක් ඇති බවත් මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස සංකීර්ණයේදී පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (25) පැවසීය.  

මේ සම්බන්ධයෙන් තිලංගට සුමතිපාල මහතාට එරෙහිව උද්ඝෝෂණයක් කිරීමටද බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

“මම ක්‍රිකට් ගැන මුකුත් දන්නේ නෑ. මම නළුවෙක් විතරයි” කියලා ඔහු විසින් විවිධ පුවත්පත් සඳහා ප්‍රකාශ ලබාදෙමින් මාව නිර්දය ලෙස විවේචනය කරලා තියෙනවා.  නැවත නැවතත් මම යෝජනා කරනවා මගේ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙන්න කියලා. මට බැන බැන ඉන්නේ නැතුව යැයි රාමනායක මහතා සුමතිපාල මහතාගෙන් ඉල්ලා සිටියේය.

“මේ නිලවරණය නිතී විරෝධීයි කියලා මම කියනවා. මේ නිලවරණයට ඉදිරිපත්වෙලා ඉන්නේ චෝදනා ගණනාවකට අහුවෙච්ච කෙනෙක්. මෙහේ උසාවියේදී පමණක් නෙවේ එංගලන්ත උසාවියේදීත් වරදකරුවෙලා වන්දි ගෙව්ව පුද්ගලයෙක්” යයිද රාමනායක මහතා පැවසීය. 

ඔහු මේ දිනවල කෝටි ගණන් ලාභ පෙන්වමින් සල්ලී බෙදනවා ක්‍රිකට් ක්‍රීඩාවට සේවය කරන්න. ක්‍රිකට් ක්‍රීඩාවට සේවය කරන්න මෙච්චර උණක් ඇයි? ඇයි මෙච්චර ආදරයක්? ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව. ඒ ක්‍රීඩාව හරහා එන මුදල් ගසාකන්න තමයි කැස කවන්නේ යැයි රාමනායක මහතා වැඩිදුරටත් පැවසීය.

“හිටපු ක්‍රීඩා ඇමතිවරයා ඔහුව බදාගෙන කිස් එකක් දීලා තමයි ඔහුව පිළිගත්තේ. සුමතිපාල මහතා දැන් සිටින ඇමතිවරයාත් ලග තියාගෙන තමයි ලාබ ගැන කථාකරන්නේ.  හැසිරීම අනුව අපිට හිතෙන්නේ නෑ ෆයිසර් මුත්තාෆා මහතාගෙනුත් යුක්තියක් ඉටුවෙයි කියලා. මම වර්තමාන ක්‍රීඩා ඇමතිතුමාගෙන් හමුවෙන්න අවස්ථාවක් ඉල්ලුවා තාම ලැබුණේ නෑ. සාද වලදී පවා මාව දැක්ක ගමන් දුවනවා” යයිද රාමනායක මහතා පැවසීය. 

මට ඕනිනම් නඩුවක් දාන්න පුලුවන්. නඩුවක් දාන්න හිතන් ඉන්නවා. ඒත් ලංකාවේ නඩුවක් දානවා කියන්නේ නඩුව ඉවර වෙනකොට තිලංග සුමතිපාල මහතා ඊළඟ පාරටත් සභාපති කමට තරග කරයි. 

“තමුන්ගේ හෘද සාක්‍ෂිකයට අනුව විනයානූකූලව හිතලා මේ අපරාධය කරන්නේ නැතුව මේකෙන් ඉවත් වෙන්න කියලා මම සුමතිපාල මහතාගෙන් ඉල්ලා සිටිනවා යැයි රාමනායක මහතා පැවසීය.

“අපි විස්සයි20 ක්‍රිකට්වල පළමු ස්ථානයේ සිට 9 වැනි ස්ථානයට වැටිලා. එකේ හිටියනම් අපි මේ ගැන කථා කරන්නේ නෑ. ඒ මහතා කථා කරන්නෙ ලාභයි සල්ලි ගැන විතරයි. නමුත් අපිට ක්‍රිකට් වලින් ඉහළට යන්න හැකියාව තිබුණා නම් මීට වඩා ලාභ ලබන්න තිබුණා”

මේ විදියට අපි පහත වැටුණේ නැත්නම් ඒ. බී. ඩිවිලියස් සහ විරාට් කෝලි රූපවාහිනී වැඩසටහන් වලදි අපේ රට සමච්චලයට පත්කරන්නේ නෑ. 

මම නැවත නැවතත් කියන්නේ කරුණා කරලා මේ ගැන තමුන්ම ස්වයං විවේචනයක් කරගෙන මේකෙන් අයින් වෙන්න කියලා. මම නම් හිතන්නේ නෑ මේකෙන් අයින් වෙයි කියලා මොකද ක්‍රිකට් කියන්නේ සල්ලි ගලන උල්පතක්. එකේ ටැප් එක වහලා මේ උල්පතට ඇබයක් ගහන එකක් නෑ.

තමන්ට ක්‍රිකට් ක්‍රීඩාව ගැන කථා කර ප්‍රසිද්ධයක් ලබා ගැනීමට කිසිම අවශ්‍යතාවක් නොමැති බවත් තමන් තවමත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නළුවා බවත් රාමනායක මහතා පැවසීය. 

පසුගිය නිදහස් කුසලානේදී ශ්‍රී ලංකාවට මිලියන 2000 ක පමණ ආදායමක් ලබාගැනීමට තිබූ බවත් තිලංග සුමතිපාල මහතා හිතුමතේ ගිවිසුම් අත්සන් කිරීම නිසා ශ්්‍රි ලංකාවට හම්බවූයේ මිලියන 900 ක් පමණක් බවත් රාමනායක මහතා පැවසීය. එයිනුත් මිලියන 350 ක් පමණ තරග සඳහා වැයවූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

වයස 13 න් පහළ, වයස 15 න් පහළ, වයස 17 න් පහළ සහ වසය 19 න් පහළ සංචිතවල ක්‍රීඩකයින් නඩත්තු කිරීමට මුදල් නැති බවත් චන්ද ගැනීමට ක්‍රීඩා සමාජ නඩුත්තු කිරීමට මුදල් මුදල් ඇති බවත් රාමනායක මහතා පැවසීය. 

ඡායාරූපය - ශාන්ත රත්නායක

 


අදහස් (0)

ක්‍රිකට් නිලවරණයට එරෙහිව නීතිය හමුවට යනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.