Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කාන්තා ක්‍රිකට් පිලට කෝටි 15 ක්

කාන්තා ක්‍රිකට් පිලට කෝටි 15 ක්

editorial - 2024 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

(ශානුක අරවින්ද) 

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වූ කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරියන් බවට පත්වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 ක මුදලක් (රුපියල් කෝටි 15 ක්) ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය. 

කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රදානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (29 වැනිදා) පැවැති උත්සවයකදී කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වෙත එම ත්‍යාග මුදල ප්‍රදානය කෙරිණි. 

ත්‍යාග මුදල ප්‍රධානය කිරීමේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යවරයා සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා, එහි උප සභාපතිවරු වන ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරුද එක්ව සිටියහ. 


අදහස් (3)

කාන්තා ක්‍රිකට් පිලට කෝටි 15 ක්
  • Senarath Tuesday, 30 July 2024 09:21 AM

    ඉතාම හොඳ දෙයක්. ඔවුන් තවතවත් දිරිමත් කළ යුතුයි. මුළු කණ්ඩායමටම අපේ උණුසුම් සුබපැතුම්...! 

    Reply 0       0

    wimal Tuesday, 30 July 2024 11:32 AM

    බොහොම හොඳ දෙයක්, අනිවාර්යයෙන් කොළඹ හොඳ ෆ්ලැට්ස් දෙන්න ඕනේ. කොල්ලන්ට පහසුකම් අඩු කරන්න ඕනේ...!

    Reply 0       0

    sanath Wednesday, 31 July 2024 07:20 PM

    නියමයි... ඉතාම සුදුසුයි. පිරිමි ටීම් එකට වඩා උදව් කරන්න ඕනෑ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.