Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කාල්ටන් කුසලාන හම්බන්තොට බ්ලූස් පිලට

කාල්ටන් කුසලාන හම්බන්තොට බ්ලූස් පිලට

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ පැසිපන්දු පිල ලකුණු 79-55 ක් ලෙස පරාජය කළ හම්බන්තොට බ්ලූස් පිල, පිට පිටම දෙවැනි වරටත් කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ I වැනි කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට සමත්විය. ඒ වෙනුවෙන් ඔවුන්ට රුපියල් ලක්ෂ 2 ක ත්‍යාග මුදලක් හිමිවිය. අනුශූරතාව දිනාගත් කොළඹ පැසිපන්දු පිලට හිමිවූ ත්‍යාග මුදල රුපියල් ලක්ෂයකි.

කොළඹ හෙන්රි පේද්‍රිස් කී‍්‍රඩාංගණයේදී පැවති අවසන් මහ තරගය ආරම්භයේ සිටම ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර පළමු කාර්තුව නිමාවන විට ලකුණු 22-12 ක් ලෙස ලකුණු 10 ක වාසියක් සමගින් තරගයේ පෙරමුණ ගැනීමට හම්බන්තොට බ්ලූස් පිල සමත්විය.

දෙවැනි කාර්තුව ආරම්භයේ සිටම වේගයෙන් ලකුණු රැස්කිරීමට පටන්ගත් හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩකයෝ එහිදී ලකුණු 23 ලබාගනිද්දී, තරමක පසුබෑමට ලක්වූ කොළඹ කී‍්‍රඩකයන්ට එම කාර්තුවේදී ලබාගත හැකිවූයේ ලකුණු 14 ක් පමණි.

ඒ අනුව ලකුණු 45-26 ක් ලෙස හම්බන්තොට බ්ලූස් පිලට වැඩි වාසි අත්කර දෙමින් තරගයේ පළමු අර්ධය නිමාවට පත්විය.

කොළඹ පැසිපන්දු පිලට වඩා ලකුණු 19 ක් ඉදිරියෙන් සිටිමින් තරගයේ තෙවැනි කාර්තුව ඇරඹු හම්බන්තොට බ්ලූස් පිල එහිදී ලකුණු 21 ක් ලබාගනිමින් පෙර තිබූ ලකුණු පරතරය ලකුණු 25 ක් දක්වා ඉහළ නංවාගැනීමට සමත්විය. කොළඹ පැසිපන්දු පිලට තෙවැනි කාර්තුවේදී රැුස්කරගත හැකිවූයේ ලකුණු 15 ක් පමණි.

ලකුණු තත්ත්වය 66-41 ක් ලෙස තිබියදී තරගයේ අවසන් කාර්තුව ආරම්භවූ අතර එම කාර්තුවේද වැඩි වාසි අත්කරගැනීමට හම්බන්තොට බ්ලූස් පිල සමත්විය. එහිදී හම්බන්තොට බ්ලූස් පිල ලකුණු 13 ක් ලබාගත් අතර කොළඹ පැසිපන්දු පිල ලකුණු ලකුණු 14 ක් ලබාගත්තේය.

කෙසේ වවුත් තරගය අවසන් වන විට කොළඹ පැසිපන්දු පිලට වඩා ලකුණු 24 ක් ඉදිරියෙන් සිටි හම්බන්තොට බ්ලූස් පිල පහසුවෙන්ම තරගය ජයගත්තේය.

හම්බන්තොට බ්ලූස් පිල වෙනුවෙන් රොෂාන් රන්දිම ලකුණු 23 ක්ද, මාර්කෝ ලැනිනොවික් ලකුණු 20 ක්ද රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.  කොළඹ පැසිපන්දු පිල වෙනුවෙන් ජේන්කෝ බෙලික් ලකුණු 17 ක් රැස්කළද සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැුගෙන යෑම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.

බෆලෝස් කී‍්‍රඩා සමාජය ලකුණු 57-54 ක් ලෙස පරාජය කළ මොරටුව කී‍්‍රඩා සමාජය තරගාවලියේ II කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට සමත්වූ අතර එම ජයග‍්‍රහණයත් සමග ඔවුහු ලබන වසරේදී I කාණ්ඩයෙන් තරග වැදීමට සුදුසුකම් ලබාගත්හ.

තරගාවලියේ කාන්තා ශූරතාව දිනාගැනීමට කොළඹ කී‍්‍රඩා සමාජය සමත්වූ අතර ශී‍්‍ර ලංකා වයස 18 න් පහළ කණ්ඩායමට එහි අනුශූරතාව හිමිවිය.

මෙම තරගාවලියට සමගාමීව පැවැති වයස 14 න් පහළ පැසිපන්දු තරගාවලියේ බාලක ශූරතාව දිනාගැනීමට නුගේගොඩ ලයිසියම් විදුහලත්, බාලිකා ශූරතාව දිනාගැනීමට වත්තල ලයිසියම් විදුහලත් සමත්විය.

අනු ශූරතාව දිනා ගත් කොළඹ පැසිපන්දු සමාජය

කාන්තා ශූරතාව දිනා ගත් කොළඹ පැසිපන්දු සමාජය

කාන්තා අනු ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා වයස 18න් පහළ කණ්ඩායම

දෙවනි කාණ්ඩයේ ශූරතාව දිනා ගත් මොරටුව ක්‍රීඩා සමාජයේ නායක

දෙවැනි කාණ්ඩයේ අනු ශූරතාව දිනා ගත් බෆලෝස් කණ්ඩායම

වයස 14න් පහළ බාලක ශූරතාව දිනා ගත් නුගේගොඩ ලයිසියම් විදුහල

වයස 14න් පහළ බාළිකා ශූරතාව දිනා ගත් වත්තල ලයිසියම් විදුහල

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

කාල්ටන් කුසලාන හම්බන්තොට බ්ලූස් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.