Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා රග්බි ක‍්‍රීඩකයන්ට ‘කාල්ටන් සුපර් සෙවන්ස්’ ජාත්‍යන්තර සත් සාමාජික රග්බි සිවුවැනි තරගාවලිය වන මෙම වසරේ තරගාවලියේ (2014) පළමු අදියර මේ මස 8 සහ 9 දෙදින කොග්ගලදී පැවැත්වේ.
ශ‍්‍රී ලංකා පිලේ නායකයකු මෙන්ම ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානයේ සභාපති නාමල් රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් විදේශිය ප‍්‍රබල කණ්ඩායම් රැසකගේ සහභාගිත්වයෙන් කාල්ටන් ජාත්‍යන්තර සත් සාමාජික රග්බි තරගාවලිය ආරම්භ වුයේ 2009 වසරේදීය.
අනතුරුව 2011 වසරේ තරගාවලිය නව මාවතකට ගෙන එමින් ශ‍්‍රී ලංකා සහ විදේශීය ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත ශ‍්‍රී ලංකාවේ පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් 10 ක් ලෙස නැවුම් තරගාවලියක් ආරම්භ කෙරිණි.
මෙවර ද තරගාවලියට සහභාගි වීම සදහා නවසීලන්තය, ෆීජි, සැමෝවා, දකුණු අප‍්‍රිකානු, එංගලන්තය ආදි ලෝකයේ ප‍්‍රබල සත් සාමාජික රග්බි කණ්ඩායම්වලට හිමිකම් කියන රටවල් රැුසක් නියෝජනය කරමින් ප‍්‍රබල ක‍්‍රීඩකයන් 56 ක් මේ වන විට ශ‍්‍රී ලංකාවේ සංචිත ගතව සිටිති.
ෆීජි ක‍්‍රීඩකයන් 23 ක්, සැමෝවා ක‍්‍රීඩකයන් 9 ක්, නවසීලන්ත ක‍්‍රීඩකයන් 6 ක්, දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයන් 6 ක්, එංගලන්ත ක‍්‍රීඩකයන් 4 ක්, ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයන් 3 ක්, ටොන්ගා රාජ්‍යයේ ක‍්‍රීඩකයන් 2 ක්, ස්පාඤ්ඤ ක‍්‍රීඩකයන් 2 ක් සහ ඇමරිකානු ක‍්‍රීඩකයකු මේ අතරට ඇතුළත් වන බව සංවිධාකයෝ පවසති.
ක‍්‍රීඩකයන්ට අමතරව ලෝක සත් සාමාජික රග්බි පිටියේ නම කීයු පමණින් හදුනන පුහුණුකරුවන් සහ විනිසුරුවන් ද තරගාවලියට සහභාගි වී සිටිති. ඒ අතරට අන්තර්ජාතික රග්බි සංගමයේ සත් සාමාජික ලෝක කුසලාන මට්ටමේ තරග විනිසුරු මඩුල්ලේ විනිසුරුවන් ද වන බව ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ උප සභාපති ලසිත ගුණරත්න මහතා පැවසීය.
‘‘ශ‍්‍රී ලංකාව රග්බි ක‍්‍රීඩාවෙන් බොහෝ ප‍්‍රබල රටවල්වල ක‍්‍රීඩකයන් දැනගෙනවත් සිටියේ නෑ. නමුත් මෙම තරගාවලියත් සමග ඔවුන් අපිත් සමග සාකච්ඡ කරන පසුබිමක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. මම හිතනවා එය මෙම තරගාවලිය ඔස්සේ ලැබූ විශාල ජයග‍්‍රහණයක් කියලා” යැයි ගුණරත්න මහතා වැඩි දුරටත් පැවසීය.
මෙහිදී කණ්ඩායමක සංචිතයට දේශිය ක‍්‍රීඩකයන් 10 ක් සහ විදේශිීය ක‍්‍රීඩකයන් 5 දෙනකු ඇතුළත් වන බවත් තරග කරන අවස්ථාවේදී වයස 23 න් පහළ ක‍්‍රීඩකයකු ඇතුළුව දේශීය ක‍්‍රීඩකයන් හතර දෙනෙකුට සහ විදේශීය ක‍්‍රීඩකයන් තිදෙනකුට ක‍්‍රීඩාංගණයේ සිටිය හැකි බවත් තරගාවලියේ අධ්‍යක්‍ෂ රොනී ඊබ‍්‍රාහීම් මහතා පැවසීය.
මෙවර තරගාවලියේ ප‍්‍රබලතම කණ්ඩායම ලෙස සැළකිය හැකි යෝෂිත රාජපක්‍ෂ නායකයා ලෙස කටයුතු කරන වෙස්ටන් වෝරියස් පිලට ෆීජි සත් සාමාජික පිලේ හිටපු නායකයකු මෙන්ම ශ‍්‍රී ලංකා සත් සාමාජික රග්බි පිලේ පුහුණුකරු ද වන සෙටිෆානෝ ඇතුඵ ප‍්‍රබල ෆීජි ක‍්‍රීඩකයෝ සිවුදෙනකු ඇතුත්ව සිටිති.
ෂෙහාන් පතිරණ නායකත්වය සපයන ඌව වයිපස් පිලට නවසීලන්ත සත් සාමාජික පිලේ නායක 1998 වසරේ අන්තර්ජාතික රග්බි සංගමයේ දක්‍ෂතම සත් සාමාජික රග්බි ක‍්‍රීඩක සම්මානය ලැබූ ඞී. ජේ. ෆෝබ්ස් ඇතුඵ පසුගියදා අවසන් වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා සත් සාමාජික රග්බි රිදී පදක්කම දිනූ නවසීලන්ත පිලේ ප‍්‍රබල ක‍්‍රීඩකයෝ පස් දෙනකු ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටිති.
නවසීලන්ත ක‍්‍රීඩකයන් වන 2012 වසරේ අන්තර්ජාතික රග්බි සංගමයේ දක්‍ෂතම සත් සාමාජික රග්බි ක‍්‍රීඩක සම්මානය ලැබූ තොම්සි කාමා සහ 2013 වසරේ අන්තර්ජාතික රග්බි සංගමයේ දක්‍ෂතම සත් සාමාජික රග්බි ක‍්‍රීඩක සම්මානය ලැබූ ටිම් නිකලස් යන දෙපළ ඌව වයිපස් පිල නියෝජනය කිරීම සෙසු කණ්ඩායම්වලට දැඩි තර්ජනයක් වනවාට සැක නැත.
පසුගිය වසරේ ශූරයන් වන ජැෆ්නා චැලෙන්ජර්ස් පිලට මෙවර ප‍්‍රබල කෙන්යානු ක‍්‍රීඩකයන්ගේ සේවය අහිමිවී තිබේ. කෙන්යානු රග්බි පිල අප‍්‍රිකානු කළාපයෙන් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වම නිසා එම ක‍්‍රීඩකයෝ මෙවර සහභාගි නොවෙති.
මෙම තරගාවලිය ඔස්සේ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට විදේශිය ප‍්‍රබල ක‍්‍රීඩකයන්ගේ තරග කිරීමේ, පුහුණු කිරීමේ ක‍්‍රමවේදයන් සහ ක‍්‍රීඩාවේ ආවේනික තත්ත්වයන් හදුනාගැනීමට ලැබීමෙන් ශ‍්‍රී ලංකාවේ රග්බි ක‍්‍රීඩාවේ දියුණුවට හේතු වී තිබේ. ශ‍්‍රී ලංකා රග්බි නිලධාරීන්, පුහුණුකරුවන්, විනිසුරුවන් ඇතු`ඵ බොහෝ දෙනකු විවිධ අංශවලින් මෙම තරගාවලියට සම්බන්ධ වී සිටිති.
ශ‍්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල පසුගිය වසර කීපයේදී ආසියානු මට්ටමේ විශිෂ්ට දස්කම් දක්වමින් මේ වන විට ආසියානු ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානයට පැමිණ සිටියි.
මෙවර තරගාවලියේ කණ්ඩායම් හදුන්වාදීම වෙනුවෙන් පසුගියදා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රබල ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වන සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංගගේ සහභාගිත්වයෙන් කොළඹදී වර්ණවත් උත්සවයක් ද පැවැත්වීය.
මෙම තරගාවලියෙන් ලැබෙන ආදායමෙන් ශ‍්‍රී ලංකාවේ අඩු මානසික වර්ධනයක් සහිත දරුවන්ගේ සුබ සාධනය සදහා ද වැය කරයි.
තරගාවලියේ දෙවැනි සහ අවසන් අදියර මේ මස 15 සහ 16 දෙදින කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිතය. මෙම අදියර දෙකේම ලකුණු එකතුවෙන් වැඩිම ලකුණු ලබාගන්නා කණ්ඩායමට ශූරතාව හිමිවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.