Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වින්ග් ක්‍රීඩක කේෂාන් කාවින්දගේ උත්සාහක දිනුම් ත්‍රිත්වයට පින්සිදු වෙන්නට අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ කිංග්ස්වුඞ් විදුහල් පිලට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 26-22 ක තියුණු ජයක් අත්කරගැනීමට මරදාන ශාන්ත ජෝශප් විදුහල් පිල සමත්විය.
හැව්ලොක් පිටියේ ඊයේ (20 වැනිදා) පස්වරුවේ පැවැති මේ තරගයේ පළමුභාගය නිමාවෙද්දී ලකුණු 19-12 කින් පෙරමුණ ගැනීමට ශාන්ත ජෝශප් විදුහල් පිල සමත්විය. එහෙත් දෙවැනි භාගයේ වෙනම සැලසුමකින් යුතුව පිටියට පිවිසි කිංග්ස්වුඞ් ක්‍රීඩකයෝ අවසන් මිනිත්තු දහය එළැඹෙද්දී ලකුණු 22-19කින් පෙරමුණ ගනිමින් ශෘන්ත ජෝශප් පිල අන්ද මන්ද කළහ.
දෙවැනි භාගයේ ආරම්භයේදීම ප්‍රොප් ක්‍රීඩක රශ්මික චන්ද්‍රරත්න තැබූ අගනා උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කළ ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක හිරූෂ සම්පත් දෙපිලේ ලකුණු සංඛ්‍යාව 19-19 කින් සමකිරීමෙන් ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩකයන්ගේ හදගැස්ම ඉහළ ගියේය. අනතුරුව තවත් මිනිත්තු 20ක් පුරා ප්‍රතිවාදීන් ඇද බැඳ තබාගැනීමට සමත්වූ කිංග්ස්වුඞ් පිල ලකුණු 22-19 කින් පෙරමුණ ගත්තේ තරගයේ තරගයේ 60 වැනි මිනිත්තුවේදී ලද දඬුවම් පහර සම්පත් විසින් සාර්ථක කරගනු ලැබීමත් සමගිනි.
කෙසේ වෙතත් ඊට මිනිත්තු 3කට පසුව තීරණාත්මක උත්සාහක දිනුම තැබීමට කේෂාන් කාවින්ද සමත්විය. එය ඔහුගේ තුන්වැනි උත්සාහක දිනුම ද විය. සන්තුෂ් අල්ගම එය ගෝලයක් බවට ප්‍රවර්තනය කරමින් ශාන්ත ජෝශප් විදුහල් පිලට තියුණු ජයක් ගෙන දුන්නේය.
තරගයේ 5 වැනි මිනිත්තුවේදී සිය පළමු උත්සාහක දිනුම තැබූ කාවින්ද ශාන්ත ජෝශප් විදුහල් පිල ලකුණු 7-0 කින් ඉහළට ඔසවා තැබුවේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක සන්තුෂ් අල්ගම එය ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමෙනි. ඊට මොහොතකට පසුව කිංග්ස්වුඞ් පිලේ ෆුල්බෑක් ක්‍රීඩක ඩිනාල් ඒකනායක අනගි උත්සාහක දිනුමක් තැබීමට සමත්වූයේ ලකුණු පරතරය අඩු කරමිනි. එහෙත් එය ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමට එම විදුහල් පිලේ හිරූෂ සම්පත් අසමත්විය.
ලකුණු 7-5 කින් පෙරමුණ ගත් ශාන්ත ජෝශප් විදුහල් පිල අනතුරුව 18 වැනි මිනිත්තුවේදී ලකුණු 12-5කින් ඉදිරියට ගෙනයාමට සමත්වූ කාවින්ද සිය දෙවැනි උත්සාහක දිනුම තැබුවේය. 32 වැනි මිනිත්තුවේදී සන්තුෂ් අල්ගම ඔහු විසින්ම තැබූ අනගි උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කරමින් ශාන්ත ජෝශප් විදුහල් පිල ලකුණු 19-5 කින් ඉහළට ඔසවා තැබුවේය. එහෙත් පළමු භාගය නිමාවීමට පෙර සෙන්ටර් ක්‍රීඩක සචිත සෙනෙවිරත්න තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කළ සම්පත් කිංග්ස්වුඞ් විදුහල් පිලේ ලකුණු සංඛ්‍යාව 12 දක්වා ඉහළ දැමුවේය.
ශාන්ත ජෝශප් විදුහල - 26 යි
■ උත්සාහක දිනුම් 4යි
කේෂාන් කාවින්ද 3යි, සන්තුෂ් අල්ගම 1යි
■ ප්‍රවර්තන
සන්තුෂ් අල්ගම 3 යි
කිංස්වුඞ් විදුහල - 22 යි
■ උත්සාහක දිනුම් 3යි
ඩිනාල් ඒකනායක 1යි, සචිත සෙනෙවිරත්න 1යි, රශ්මික චන්ද්‍රරත්න 1යි
■ ප්‍රවර්තන
හිරූෂ සම්පත් 2 යි
■ දඬුවම් පහර
හිරූෂ සම්පත් 1 යි
ඡායාරූප - වරුණ කරුණාසේකර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.