Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ කැනඩාව සහ අයර්ලන්තය අතර නිව්යෝක් නුවර නසාවු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (8 වැනිදා) පැවැති තරගයෙන් 12 ක තියුණු ජයක් වාර්තා කිරීමට කැනඩාව සමත් විය. ලෝක කුසලාන ක්‍රිකට් තරගයකදී කැනඩාව ලැබූ පළමු ජය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 138 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්තයට කැනඩා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 125 ක් පමණි. එහිදී ජෙරමි ගෝඩන් සහ ඩිලන් හේලිගර් කඩුලු 2 බැගින් බිඳහෙළමින් අයර්ලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.
අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මාක් අඩෙයර් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 34 ක් ලබාගත් අතර ජෝජ් ඩොක්රෙල් පන්දු 23 කින් නොදැවී ලකුණු 30 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් කැනඩාව ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 137 ක් ලබාගත් අතර වේගවත් පිතිහරඹයක නිරත වූ නිකලස් කර්ටන් පන්දු 35 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 49 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය.
අයර්ලන්තය - ඕවර 20 කදී කඩුලු 7 කට 125
(ඇන්ඩෘ බැල්බරිනි 17, ජෝජ් ඩොක්රෙල් නොදැවී 30, මාක් අඩෙයර් 34, ජෙරමි ගෝඩන් 16/2, ඩිලන් හේලිගර් 18/2)
කැනඩාව - ඕවර 20 කදී කඩුලු 7 කට 137
(ඒරන් ජොන්සන් 14, ප්‍රගත් සිං 18, නිකලස් කර්ටන් 49, ශ්‍රෙයාස් මූවා 37, බැරී මැකාති 24/2, ක්‍රෙග් යං 32/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.