Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කී‍්‍රඩා පනතේ නියෝග ඉවත් කරන්න ඇමති සූදානම්

කී‍්‍රඩා පනතේ නියෝග ඉවත් කරන්න ඇමති සූදානම්

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

ජාතික ක‍්‍රීඩා සංගමයක තනතුරු දැරීමේදී එක් වාරයකට වඩා තනතුරු දරන්නන් ක‍්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය ලබාගත යුතු බවට පනවා තිබූ නියෝගය ඉවත්කර ගැනීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය සැරසේ.

ක‍්‍රීඩා පනතේ 2013 අංක 01 දරන ජාතික ක‍්‍රීඩා සංගම් නියෝග යටතේ 13-1 වගන්තිය ඒ අනුව සංශෝධනය කෙරේ. එම වගන්තියෙන් දැක්වෙන්නේ එක් වාරයක් සඳහා ජාතික ක‍්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, උප සභාපති, සහකාර ලේකම්, සහකාර භාණ්ඩාගාරික යන ධූර දරා ඇති කිසිම තැනැත්තෙකු ඉහත කිසිම තනතුරක් සඳහා නැවත තේරී පත්වීම සුදුසු නොවන්නේය යනුවෙනි.

එසේ වුවද එම නිලධරයන් නැවත තෝරාගැනීම සඳහා ක‍්‍රීඩා විෂය පවරා ඇත්තාවූ අමාත්‍යවරයාගේ ලිඛිත අවසරය ලබාගෙන ඇත්නම් ඉහත කී සම්බාධකය අදාළ නොවන්නේය.

එම වගන්තියෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ නැවැත තේරී පත්වීම අපේක්ෂා කරනු ලබන නිලධාරියාගේ අදාළ ධූර කාලය සැලකිල්ලට ගෙන අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසා එකී තැනැත්තන් නැවැත පත්කිරීම සඳහා අවසරය ප‍්‍රදානය කරනු ලබන බවය.

ඒ අනුව ජාතික ක‍්‍රීඩා පනතේ 2013 සංශෝධන වලට අනුව වැඩිදුරටත් දක්වා ඇත්තේ එකී තනතුරු දරන තැනැත්තෙකුගේ සමස්ත සේවා කාලය අවුරුදු හතරක් නොඉක්මවිය යුතු බවය. මේ අතර අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ ප‍්‍රධානීන් සමග මෙරට ක‍්‍රීඩා අමාත්‍යංශයේ ප‍්‍රධානීන් ඉකුත්දා ස්විට්සර්ලන්තයේ ලූසාන් නගරයේ පැවැති සාකච්ඡවේදී එකඟ වූ පරිදි 2013 අංක 01 දරන ජාතික ක‍්‍රීඩා සංගම් නියෝගයන්ට අදාළ වගන්ති ගණනාවක් සංශෝධනය කිරීමට එකඟවී ඇතැයි වාර්තාවේ.

එහි විශේෂත්වය වන්නේ ක‍්‍රීඩා ඇමතිවරයා නියෝජනය කරන ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවරී තිබෙන බලතල ගණනාවක් සංශෝධනය කිරීමට සූදානම් වීමය.

එකී සංශෝධනයට ලක් කෙරෙන වගන්ති අතර ක‍්‍රීඩා පනතේ 7, 11, වගන්තීන්, 12 (2), 3, 13-(1), 16, 17 හා 25 යන වගන්තීන් ප‍්‍රධාන තැනක් ගනියි.

ජාතික ක‍්‍රීඩා සංගමයක අනුබද්ධිත ආයතන වලට අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලබාගැනීම, ජාතික ක‍්‍රීඩා සංගමයක් අන්තර්ජාතික සංගමයේ ලියාපදිංචි කිරීමේදී ක‍්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය ලබාගැනීම, මහසභා රැස්වීමකදී තෝරාගනු ලබන නිලධාරීන් හා කමිටු සාමාජිකයන්ට අමතරව ඇමැතිවරයාගේ අභිමතය පරිදි ජාතික ක‍්‍රීඩා සංගමයක කමිටුවකට අතිරේක නිලධාරීන් පත් කිරීම, ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අභිමතය පරිදි පරික්ෂණ පවත්වා ක‍්‍රියාශීලී නොවන ක‍්‍රීඩා සමාජ නියෝජිතයන් ජාතික ක‍්‍රීඩා සංගමයෙන් ඉවත් කිරීම, ජාතික ක‍්‍රීඩා සංගමයක නිලවරණ පැවැත්වීමේදී නාමයෝජනා ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා බාරයට පත් කිරීම හා එම නාම යෝජනා ක‍්‍රීඩා අමාත්‍යාංශයට යොමු කිරීම, ජාතික ක‍්‍රීඩා සංගමයක නිලවරණ පැවැත්වීමේදී (මහ සභා රැස්වීම්) අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලබා ගැනීම, සෑම ජාතික ක‍්‍රීඩා සංගමයකම ව්‍යවස්ථාව අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනුමත කිරීම, ජාතික කණ්ඩායම් තෝරා ගැනීමේදී ජාතික ක‍්‍රීඩා සංගම් ඇමතිවරයාගේ විධාන අනුගමනය කිරීම යන කරුණු ගණනාවක්ම එහිදී සංශෝධනය කිරීම පිළිබඳව සලකා බැලීමට ක‍්‍රීඩා අමාත්‍යංශය ‘ලූසාන්’ සාකච්ඡවලදී අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව හා එකඟවූ බවද වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.

ක‍්‍රීඩා පනතේ සංශෝධිත වගන්ති ගණනාවක්ම අන්තර්ජාතික ඔලිම්පික් ප‍්‍රඥප්තියට පටහැණි බවට ජාතික ඔලිම්පික් කමිටුව පැමිණිලි කිරීමෙන් පසු දෙපාර්ශවයේ බලධාරීන් ලූසාන් නගරයට කැඳවා සාකච්ඡ කිරීමට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව ඉකුත්දා පියවර ගත්තේය.

එම සාකච්ඡවට ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාද සහභාගි විය.

 


අදහස් (5)

කී‍්‍රඩා පනතේ නියෝග ඉවත් කරන්න ඇමති සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.