Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වදින එකම ක්‍රීඩිකාව වන කුමුදු ප්‍රියංකා දිසානායක අද (31) පැවැති මීටර 100 (අතක් - වැළමිටට පහළින් අහිමි හෝ ඒ හා සමාන තත්ත්වයන්ගේ) කණ්ඩයේ මූලික වටයෙන් පරාජයට පත්වූවාය. තත්පර 13.31ක් වූ ඇගේ ඉසව්වේ තරග කාලයට අනුව දෙවැනි වටයට පිවිසීමට ඇය අපොහොසත් වූයේ මූලික වටයේ තරගයේ අවසන් (අට වැනි) ස්ථානයට පත්වීමෙනි.
මූලික වටයේ තරග දෙකකට ක්‍රීඩිකාවෝ 16 දෙනෙක් සහභාගි වූහ.
කුමුදු ප්‍රියංකා තරග වැදුණු මූලික වටයේ තෙවැනි ස්ථානය දක්වා පැමිණි ක්‍රීඩිකාවන් හැරෙන්නට එහි සිව් වැනි හා පස් වැනි යන ස්ථානවලට තරගය නිමා කළ ක්‍රීඩිකාවන් දෙදෙනා ද අවසන් තරගයට එයින් නිර්දේශ කෙරුණි. එහි අවසන් තරගය අද රාත්‍රියේදී පැවැත්වීමට නියමිතව තිබිණ.
මූලික වටයේ සමස්ත ප්‍රතිඵලයට අනුව කුමුදු ප්‍රියංකා, ක්‍රිඩිකාවන් 16 දෙනා අතරේ 15 වැනි ස්ථානය ලබාගත්තාය.
තත්පර 12.07කට තරගය නිමකළ එක්සත් ජනපදයේ බ්‍රිමිති මායෝන් මෙහි ලෝක වාර්තාලාභිනිය ද වන අතර, ඒ, තත්පර 11.89 කටය. එහි පැරලිම්පික් වාර්තාව සතු වන්නේ කියුබාවේ යුනිඩ්ස් කැස්ටිලෝ සතුවය. ඇගේ තරග කාලය තත්පර 11.95 කි. මූලික වටයේදී ක්‍රීඩිකාවන් 10 දෙනකුම ඔවුන්ගේ මෙතෙක් ඉසව්වේ හොඳම දක්ෂතා වාර්තා කිරීම කැපී පෙනුණි.
කුමුදු ප්‍රියංකා 2019 ලෝක ශූරතා තරගාවලියේදී තත්පර 13.71කට මෙම ඉසව්වේ 17 වැනි ස්ථානය ලද ක්‍රීඩිකාවයි. ජකර්තා 2018 ආසියානු ක්‍රීඩා උළෙලේ ඇගේ දක්ෂතාව තත්ත්පර 14.58 ක් වූයේ ඉසව්වේ හත්වැනි ස්ථානයට පත්වීමෙනි.
කුමුදු ප්‍රියංකා සිකුරාදා (3 වැනිදා) පැවැත්වීමට නියමිත දුර පැනීම (කාන්තා) ඉසව්වටද සහභාගි වන්නීය. එහිදී ඇගේ හොඳම දක්ෂතාව ජකර්තා ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර 4.41 ක දක්ෂතාවක් පළ කරමින් හත් වැනි ස්ථානයට පත්වීමය.
සිකුරාදා පිටියට පිවිසෙන අනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ දුන්නෙන් විදීම (පිරිමි) කේවල - රෝදපුටු ඉසව්වෙන් තරග වදින සම්පත් බණ්ඩාරය. එම තරග වටයේදී ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ පැරලිම්පික් ශ්‍රේණිගත කිරීම් අනුව 13 වැනි ස්ථානයේ පසුවන 32 හැවිරිදි මිග්රා විවේක් ය. සම්පත් බණ්ඩාරගේ එම ශ්‍රේණිගත කිරීමේ ස්ථානය 33 වේ.
ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ හත්වැනි දිනය නිමාවේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් හා එක් ලෝකඩ පදක්කමක් දිනා පදක්කම් සටහනේ 47 වැනි ස්ථානයට පත්ව සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ද වන දිනේෂ් ප්‍රියන්ත හේරත් හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් අතර සමිත දුලාන් කොඩිතුවක්කු තවත් හෙල්ල විසිකිරීමේ ඉසව්වකින් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.
මහජන චීනය මෙවර පැරාලිම්පික් ජයග්‍රහණය කලින්ම තහවුරු කර තිබූ බවක් පෙනුණේ රන් පදක්කම් 59 ක්ම හිමි කර ගනිමිනි. දෙවැනි ස්ථානයේ සිටින බ්‍රිතාන්‍යය රන් පදක්කම් 29ක් හිමිකරගෙන සිටින අතර ලෝක බලවතා වන අැමෙරිකාව රන් පදක්කම් 22 ක් දිනා තුන්වැනි ස්ථානයේ සිටී. රන් පදක්කම් 5 ක් දිනා සිටින ජපානයට පදක්කම් සටහනේ හිමිව තිබුණේ 14 වැනි ස්ථානයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.