Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවීණ තරගකරුවන් රැසක් පසුපසට ඇද දමා ත්‍රිත්ව ජයග්‍රහණ වාර්තා කරමින් ‘සීගිරිය රැළි ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගනීමට කුෂාන් පීරිස් සමත් විය. තරගාවලියේ මෝටර් රථ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට මාග්නි රේසිං කණ්ඩායම නියෝජනය කළ අෂාන් සිල්වා සහ මිස්සක නවීන් සමත් වූහ.
අශාන් සිල්වාට පමණක් දෙවැනි වෙමින් එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේ පළමු අදියර අවසන් කළ කුෂාන් පීරිස්, අශාන්වද පසුකර යමින් එහි දෙවැනි අදියර ජයගත්තේ පළමු වරට ‘සීගිරිය රැළි ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම රියැදුරා සම්මානයටද හිමිකම් කියමිනි.
|
කුෂාන් පීරිස් |
කාල ගණනයට අනුව එම ඉසව්වේ ඉදිරිපෙළ තරග ආරම්භක ස්ථානය කුෂාන් පීරිස්ට හිමිව තිබූ අතර අශාන් සිල්වාට හිමිව තිබුණේ එහි දෙවැනි ස්ථානයයි. පළමු අදියරේ ආරම්භක වටයේදීම පෙරමුණට පැමිණීමට අශාන් සිල්වා සමත් වූ අතර එහි මුල් වට 5 නිමා වන තෙක් අශාන් සහ කුෂාන් අතර කරට කර තරගයක් දැකගත හැකි විය. එහෙත් අවසානයේදී අශාන් පළමු වැනියා ලෙස එම අදියර නිමා කළේ කුෂාන්ට වඩා මීටර් 100 ක පමණ පරතරයක් තබා ගනිමිනි.
දෙවැනි අදියරේ ආරම්භක වටයේදීද පෙර පරිදිම පෙරමුණට පැමිණීමට අශාන් උත්සාහ ගත්තද, එම අවස්ථාවේදී පසුපසින් පැමිණි මෝටර් රථයක් සිය රථයේ ගැටීම නිසා ඔහුගේ ගමන තරමක් ප්‍රමාද විය. අශාන්ගේ ප්‍රමාදයෙන් නිසි ප්‍රයෝජනගත් කුෂාන්, එම අවස්ථාවේදී අශාන් පසුකර ඉදිරියට ඇදුණ අතර තරගය නිමාවන තෙක් අන් කිසිවකුට තමා පසුකර යෑමට ඔහු ඉඩක් නොදුන්නේය. සිදුවූ අනතුරෙන් පසු නැවතත් තරගයට අවතීර්ණ වූ අශාන්, කෙමෙන් කෙමෙන් ඉදිරියට පැමිණියද කුෂාන් පසුකර යෑමට නොහැකි වීම නිසා දෙවැනියා ලෙස ඔහු එම අදියර නිමා කළේය.
එම අදියර දෙකේ තෙවැනි ස්ථාන සඳහා සෙසු තරගකරුවන් අතර ඉතා තියුණු තරගයක් පැවැති අතර ප්‍රවීණ ක්‍රීඩක අරවින්ද ප්‍රේමදාස පළමු අදියරේ තෙවැනි ස්ථානයටද, පසිදු පීරිස් දෙවැනි අදියරේ තෙවැනි ස්ථානයටද පත් වූහ. ඉකුත් වසරේ පැවැති ‘සීගිරිය රැළි ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම රියැදුරා බවට පත්වූ උෂාන් පෙරේරාට මෙවර තරගාවලියේදී 5 වැනි ස්ථාන දෙකකින් සෑහීමකට පත්වීමට සිදුවිය.
දක්ෂතම රියැදුරා බවට පත් වූ කුෂාන් පීරිස් එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ ඉසව්වේ සහ එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ ඉසව්වේ ජයද තමන් සතුකර ගනිමින් මෙවර තරගාවලියේදී ත්‍රිත්ව ජයග්‍රහණයක් ලැබූ එකම මෝටර් රථ ක්‍රීඩකයා බවට පත් විය.
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) 9 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කළේය.
|
මෝටර් රථ කණ්ඩායම් ශූරතාව දිනාගත් මාග්නි රේසිං කණ්ඩායමේ අෂාන් සිල්වා සහ මිස්සක නවීන් |
තරග ප්‍රතිඵල
එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ
1 දේවින් සේරසිංහ (නිසාන් මාර්ච් 1000)
2 මංජුල වීරසිංහ (නිසාන් මාර්ච් 1000)
3 මිහාන් පීරිස් (නිසාන් මාර්ච් 1000)
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) නවීකරන කරන ලද මෝටර් රථ
1 දුමින්ද අමරසිරි (නිසාන් මාර්ච් 1000)
2 හර්ෂ අමරසිරි (නිසාන් ඊ. ආර්. එස්. 1050)
3 මයිකල් විජේසූරිය (ටොයොටා විට්ස් 1050)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියර් 1300)
2 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
3 රජිත උළුවිට (ෆෝඞ් ලේසර් 1300)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1500)
2 රජිත උළුවිට (ෆෝඞ් ලේසර් 1500)
3 මහේෂ් කෝදාගොඩ (මැස්ඩා ෆැමිලියා 1500)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ
1 කුෂාන් පීරිස් (හොණ්ඩා සිවික් 1600)
2 සාකිර් වහබ් (හොණ්ඩා සිවික් 1600)
3 උපුල්වන් සේරසිංහ (හොණ්ඩා ඊ. ජී. VI 1600)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ
1 මාලින්ද ගුණසේකර (සුබාරු ලෙගාසි 2200)
2 මාලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2200)
3 බුද්ධික රුක්ලන්ත (සුබාරු ලෙගාසි 2200)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ පළමු තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 කුෂාන් පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 අරවින්ද ප්‍රේමදාස (මිට්සුබිෂී එවොලූෂන් 2000)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය
1 කුෂාන් පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 පසිඳු පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ
1 ඉෂ්රාක් වහබ් (මිට්සුබිශී එවොලූෂන් 3500)
2 පසිඳු පීරිස් (මිට්සුබිශී පෙජරෝ 2500)
3 ශිරාන් මුතුතන්ත්‍රි (මිට්සුබිශී චැලෙන්ජර් 3490)
![]() |
අශාන් සිල්වා |
![]() |
පසිඳු පීරිස් |
![]() |
අරවින්ද ප්‍රේමදාස |
|
දේවින් සේරසිංහ |
‘සීගිරිය රැළි ක්‍රොස්’ මෝටර්රථ තරගාවලියේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.