Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කුසල්ගේ උරහිසේ ආබාධය යළි මතුවෙයි
පෙරහුරු තරග

කුසල්ගේ උරහිසේ ආබාධය යළි මතුවෙයි

editorial - 2023 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

බංග්ලාදේශයට එරෙහිව අද (29 වැනිදා) ගුවහටි නුවරදී පැවැත්වෙන ලෝක කුසලාන පෙරහුරු තරගයේ පන්දුවට පහර දෙමින් සිටියදී උරහිසේ ආබාධය යළිත් මතුවීම නිසා ආරම්භක පිතිකරු කුසල් පෙරේරා පිටියෙන් ඉවත්ව ගියේය. 

තරගයේ 8 වැනි ඕවරය අවසන් වීමෙන් අනතුරුව කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා ක්‍රීඩාංගණයට පැමිණ කුසල්ගේ උරහිසට වේදනා නාශක ස්ප්‍රේ කළ නමුත් යළිත් පන්දුවට පහරදීම ආරම්භ කළ කුසල්ට මුහුණදිය හැකි වූයේ පන්දු 5 කට පමණි. 

හසන් මහමුද් යැවූ ශ්‍රී ලංකා ඉනිමේ 9 වැනි ඕවරයේ පළමු පන්දුවට විනිසුරුගේ හිසට ඉහළින් හතරේ පහරක් එල්ල කළ කුසල්, යළිත් වරක් වේදනාවෙන් උරහිස අල්ලා ගත් අතර හිස්වැසුම සහ අත් ආවරණ ගළවා දමා ආපසු ක්‍රීඩාගාරය බලා ගියේය. 


අදහස් (0)

කුසල්ගේ උරහිසේ ආබාධය යළි මතුවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.