Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කුසල් - දසුන් බංග්ලා ටයිගර්ස් දිනවති

කුසල් - දසුන් බංග්ලා ටයිගර්ස් දිනවති

editorial - 2023 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුසල් මෙන්ඩිස්ගේ සහ දසුන් ශානකගේ දක්ෂ පිතිහරඹයන් හමුවේ අබුඩාබි දහයයි-10 තරගාවලියේ චෙන්නායි බ්‍රේවේස් කණ්ඩායමට එරෙහිව ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 27 ක ජයක් වාර්තා කිරීමට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 127 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමට ඕවර 10 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 99 ක් පමණි. හයිඩ් අලී ලකුණු 17 කට කඩුලු 2 ක් දවාගත් අතර ඩැනියෙල් සෑම්ස්, රොහාන් මුස්තාෆා, බෙනී හොවෙල් සහ ඩොමිනික් ඩර්ක්ස් කඩුල්ල බැගින් බිඳහෙළමින් චෙන්නායි කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ. 

එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක චරිත් අසලංක පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 55 ක් රැස්කිරීමට සමත් වුවද, සෙසු පිතිකරුවන්ගේ සහාය නොමැති වීම හේතුවෙන් ඔහුට චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට නොහැකි විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 125 ක් ලබාගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයන්හි නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 32 ක්ද, දසුන් ශානක පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 34 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 

බංග්ලා ටයිගර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 5 කට 126 
(රෙබින් උතප්පා 20, කුසල් මෙන්ඩිස් 32, දසුන් ශානක 34, බෙනී හොවෙල් නොදැවී 16, මොහොමඩ් නබී 15/3) 

චෙන්නායි බ්‍රේව්ස් පිල - ඕවර 10 කදී කඩුලු 6 කට 99 
(චරිත් අසලංක 55, හයිඩර් අලී 17/2) 

-036 


අදහස් (0)

කුසල් - දසුන් බංග්ලා ටයිගර්ස් දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.