Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවූ අන්තර් පාසල් වයස 20 න් පහළ පළමු කොටසේ සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනා ගැනීමට ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ. අනු ශූරතාව මහනුවර ත‍්‍රිත්ව විදුහලට හිමිවිය.
කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී දෙදිනක් පැවැති මෙම තරගාවලියේ අවසන් මහ තරග ඊයේ (02) පස්වරුවේ පැවැත්විණි.
කුසලාන ශූරතාව අවසන් මහ තරගයේදී ඉසිපතන විදුහල පිල ලකුණු 22-0 කින් මහනුවර ත‍්‍රිත්ව විදුහල පරාජය කිරීමට සමත් විය. ඉසිපතන ක‍්‍රීඩකයෝ තරගයේ ආරම්භයේ සිටම ත‍්‍රිත්ව විදුහලට හොද අභියෝගයක් යොමු කරමින් පළමු අර්ධය අවසන් වන විට 10-0 ක් ලෙස පෙරමුණේ වූහ.
වෙස්ලි විදුහල් පිල ලකුණු 15-12 කින් කිංග්ස්වුඞ් විදුහල පරාජය කරමින් පළඟ ශූරතාව දිනා ගත්තේය.
බොරැල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල ලකුණු 28-0 කින් වේල්ස් කුමර විදුහල පරාජය කරමින් බදුන ශූරයන් බවට පත්විය.
ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 12-7 කින් පානදුර රාජකීය විදුහල පරාජය කරමින් පළිහ ශූරතාව දිනාගත්හ.
තරගාවලියේ පළමු වටයට කණ්ඩායම් 32 ක් සහභාගි වූ අතර පළමු වටයේ තරග 16 ක් පැවැත්විණි. ශ‍්‍රී ලංකා රග්බි සංගමය සහ පාසල් රග්බි සංගමය අතර අනුග‍්‍රාහකයන් පිළිබ`දව ඇති වී තිබෙන ගැටුම්කාරි තත්ත්වය හේතුවෙන් මෙම තරගාවලිය කල්දැමූ අතර අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැදිහත්වීමෙන් තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට අවස්ථාව උදාවිය.
අවසන් තරග ප‍්‍රතිඵල
කුසලාන ශූරතා අවසන් මහ තරගය
පළග ශූරතා අවසන් මහ තරගය
බදුන ශූරතා අවසන් මහ තරගය
පළිහ ශූරතා අවසන් මහ තරගය
අවසන් පූර්ව තරග ප‍්‍රතිඵල
කුසලාන ශූරතා තරගාවලිය
පළඟ ශූරතා තරගාවලිය
බදුන ශූරතා තරගාවලිය
පළිහ ශූරතා තරගාවලිය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.