Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8500 කට අධික පිරිසක් සහභාගි වූ 17 වැනි එල්.එස්.ආර්. කොළඹ මැරතන් තරගාවලියේ පිරිමි තරගය ජයගැනීමට කෙන්යානු ක්‍රීඩක ජෙම්ස් තලාම් සමත් විය. ඒ සඳහා ඔහුට ගතවූ කාලය පැය 2 යි විනාඩි 23 යි තත්පර 37 කි.
කාන්තා මැරතන් තරගය ජයගැනීමට පැය 2 යි විනාඩි 59 යි තත්පර 46 කින් තරගය අවසන් කළ කෙන්යාවේ මර්සි ටූ සමත් වූවාය. ඉකුත් වසරේ (2016) පැවැති කාන්තා මැරතන් තරගය ජයගත් කෙන්යාවේ මාගරට් වැන්ගුයි මෙවර තරගය දෙවැනි ස්ථානයට නිමා කළාය. ඇයට ඒ සඳහා ගත වූ කාලය පැයි 2 යි විනාඩි 59 යි තත්ත්පර 46 කි. තරගය පුරා ඔවුන් දෙදෙනා කරට කර තරගයක නිරත වූ අතර ඉතා තියුණු තරග නිමාවකින් අනතුරුව මර්සි තරගය ජයගත්තේ මාගරට් දෙවැනි ස්ථානයට පත්කරමිනි.
මෙවර තරගාවලිය සඳහා රටවල් 47 ක් නියෝජනය කරමින් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 300 කට අධික පිරිසක් සහභාගී වූහ. පිරිමි මැරතන් තරගයේ පළමු ස්ථාන 10 න් 8 ක්ද, කාන්තා මැරතන් තරගයේ පළමු ස්ථාන 5 න් 3 ක්ද, දිනාගත් කෙන්යානු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙවරත් කොළඹ මැරතන් තරගයේ වැඩි ගෞරව දිනාගත්හ.
පැය 2 යි විනාඩි 24 යි තත්පරය 28 කින් පිරිමි තරගය නිමා කළ කෙන්යාවේ පීටර් කේටර් පිරිමි තරගයේ දෙවැනි ස්ථානයටත්, පැය 2 යි විනාඩි 25 යි තත්පරය 43 කින් තරගය නිමා කළ කෙන්යාවේ ආමොස් මයින්දි එහි තෙවැනි ස්ථානයටත් පත්වූහ.
එහි සිව්වැනි ස්ථානය හිමිකරගත් සුරංග ගුණසේකර, තරගය ඉදිරියෙන්ම නිමා කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් වූ අතර ඔහුට ඒ සඳහා ගතවූ කාලය පැය 2 යි විනාඩි 28 යි තත්පර 58 කි. ඉකුත් වසරේ පැවැති තරගයේදී පැය 2 යි විනාඩි 31 යි තත්පර 37 ක කාලයක් වාර්තා කරමින් පස්වැනි ස්ථානය හිමිකරගත් ඔහු, මේ වසරේදී සිය තරග නිමි කාලය විනාඩි 2 යි තත්ත්පර 39 කින් ඉහළ දමාගැනීමට සමත් විය.
කාන්තා තරගය පැය 3 යි 02 යි තත්පර 00 කින් අවසන් කළ කෙන්යාවේ එමිලි ජෙප්කොයිච් තෙවැනි ස්ථානයට පත් වූවාය. පැය 3 යි 06 යි තත්පර 59 කින් තරගය අවසන් කළ ශ්‍රී ලංකාවේ වේලු ක්‍රිෂාන්ති එහි සිව්වැනි ස්ථානයට පත්වූවාය. වේලු ක්‍රිෂාන්ති ඉකුත් වසරේ (2016) පැවැති තරගයේදීත් සිවුවැනි ස්ථානයට පත්වූ අතර එවර ඇයට තරගය නිමා කිරීම සඳහා ගතවූ කාලය පැය 3 යි 04 යි තත්පර 32 කි. ඒ අනුව ඇයගේ තරග නිමා කාලය මේ වසරේදී විනාඩි 2 යි තත්ත්පර 27 කින් වැඩි වී තිබේ.
පිරිමි සහ කාන්තා තරග ජයගත් ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට ඇමරිකානු ඩොලර් 2500 ක මුදලක් සහ ගුවන් ටිකට්පතක් බැගින් ත්‍යාග ලෙස පිරිනැමිණ. ත්‍යාග මුදල ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් තුන් ලක්ෂ අසූදහසක් (380,000) පමණ විය.
එහිදී දෙවැනි ස්ථාන සඳහා ඇමරිකානු ඩොලර් 1500 ක් බැගින්ද, තෙවැනි ස්ථාන සඳහා ඇමරිකානු ඩොලර් 1000 ක් බැගින්ද, සිව්වැනි සහ පස්වැනි ස්ථාන වලට පිළිවෙළින් ඇමරිකානු ඩොලර් 500 ක් සහ 200 ක් බැගින්ද පිරිනැමිණ.
තරගාවලියට සමගාමීව පැවැති පිරිමි අර්ධ මැරතන් තරගය ජය ගැනීමට වෙනිසියුලාවේ ලුයිස් ඕර්ටා සමත් වූ අතර කාන්තා අර්ධ මැරතන් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ හිරුණි විජේරත්න සමත් වූවාය. පැය 1 යි විනාඩි 10 යි තත්පර 39 කින් ලුයිස් ඕර්ටා අර්ධ මැරතන් තරගය නිමා කළ අතර හිරුණි විජේරත්නට අර්ධ මැරතන් තරගය නිමා කිරීම සඳහා පැය 1 යි විනාඩි 23 යි තත්පර 21 ක කාලයක් ගතවිය.
ලංකා ස්පෝට්රයිසන් ප්‍රවාහන ඒජන්සිය සංවිධාන කළ මෙම මැරතන් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ශ්‍රි ලංකන් එයාර් ලයින්ස් සමාගම කටයුතු කළේය.
පිරිමි පූර්ණ මැරතන් තරගය
1 ජෙම්ස් තලාම් (කෙන්යාව) - පැය 2:23.37
2 පීටර් කේටර් (කෙන්යාව) - පැය 2:24.28
3 ආමෝස් මයින්දි (කෙන්යාව) - පැය 2:25.43
4 සුරංග ගුණසේකර (ශ්‍රී ලංකාව) - පැය 2:28.58
5 ඩැනියෙල් මන්යාරා (කෙන්යාව) - පැය 2:29.31
6 ජෝෂප් මවංගි (කෙන්යාව) - පැය 2:35.14
7 එලීසා කිප්‍රොටිච්සවේ (කෙන්යාව) - පැය 2:35.28
8 සුගන්ද කරුණාතිලක (ශ්‍රී ලංකාව) - පැය 2:35.42
9 ජූලියස් සෙවුරෙයි (කෙන්යාව) - පැය 2:35.50
10 හොසී කෝගෙයි (කෙන්යාව) - පැය 2:38.09
කාන්තා පූර්ණ මැරතන් තරගය
1 මර්සි ටූ (කෙන්යාව) - පැය 2:59.46
2 මාගරෙට් වැංගුයි (කෙන්යාව) - පැය 2:59.46
3 එමිලි ජෙප්කොයිච් (කෙන්යාව) - පැය 3:02.00
4 වේලු ක්‍රිෂාන්ති (ශ්‍රී ලංකාව) - පැය 3:06.59
5 කනපති ක්‍රිෂ්ණකුමාරි (ශ්‍රී ලංකාව) - පැය 3:16.35
6 නිලූෂි කුමාරි ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව) - පැය 3:18.03
7 මල්ලිකා චන්ද්‍රකාන්ති (ශ්‍රී ලංකාව) - පැය 3:48.19
8 ශමිලා යාපාරත්න (ශ්‍රී ලංකාව) - පැය 4:23.09
පිරිමි අර්ධ මැරතන් තරගය
1 ලුවිස් ඕර්ටා (වෙනිසියුලාව) - පැය 1:10.39
2 විජිත කුමාර (ශ්‍රී ලංකාව) - පැය 1:11.10
3 සමන් කුමාර (ශ්‍රී ලංකාව) - පැය 1:11.29
4 ඩී. ජී. ඩී. සඳරුවන් (ශ්‍රී ලංකාව) - පැය 1:11.49
5 අනුර බණ්ඩාර (ශ්‍රී ලංකාව) - පැය 1:13.30
කාන්තා අර්ධ මැරතන් තරගය
1 හිරුණි විජේරත්න (ශ්‍රී ලංකාව) - පැය 1:23.21
2 නවුමි ජෙප්කොස්ගෙයි (කෙන්යාව) - පැය 1:25.43
3 ඒ. එල්. ලියනගේ (ශ්‍රී ලංකාව) - පැය 1:25.54
4 අමැන්ඩා චෑන් (වතිකානුව) - පැය 1:28.21
5 එරන්දතී කරුණාරත්න (ශ්‍රී ලංකාව) - පැය 1:31.53
17 වැනි එල්.එස්.ආර්. කොළඹ මැරතන් තරගාවලියේ විශේෂ අවස්ථා
- 100
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.