Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොත්මලේ කුසලාන වයස 19 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය යාපනය ශාන්ත හෙන්රි විදුහල සහ මරදාන සහිරා විදුහල අතර අද (19 වැනිදා) කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වේ.
අවසන් පූර්ව වටයේදී කළුතර සිරිකුරුස විදුහලට එරෙහිව ගෝල 8-0 ක විශිෂ්ට ජයක් ලබාගනිමින් ශාන්ත හෙන්රි විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
ශාන්ත හෙන්රි විදුහල වෙනුවෙන් තරගයේ 32 වැනි, 50 වැනි සහ 85 වැනි මිනිත්තුවලදී ගෝල තුනක් ලබාගැනීමට ඒ. බී. අනෝජන් සමත් විය. ජී. ඇන්ටනීරාජ් (63 වැනි මිනිත්තුව), ඒ. තනීෂ් (70 වැනි මිනිත්තුව) සහ ආර්. ඒ. මෙතුෂාන් (82 වැනි මිනිත්තුව) යන කී‍්‍රඩකයෝද ශාන්ත හෙන්රි විදුහල වෙනුවෙන් ගෝල ලබාගත්හ.
සිරිකුරුස විදුහලේ ජී. එල්. සන්දීප් තරගයේ 69 වැනි සහ 80 වැනි මිනිත්තුවලදී ඕන් ගෝල 2 ක් ලබාදීමත් සමග ශාන්ත හෙන්රි විදුහලේ ගොල සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ ගියේය.
සහිරා විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල ගෝල 2-0 ක් ලෙස පරාජය කරමිනි. එහිදී සහිරා විදුහල වෙනුවෙන් වාර්තා වූ ගෝල 2 ට හිමිකම් කීමට එම්. සෆ්රාන් (3 වැනි මිනිත්තුව) සහ එම්. අකීබ් (76 වැනි මිනිත්තුව) සමත් වූහ.
අර්ධ අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල
යාපනය ශාන්ත හෙන්රි විදුහල
මරදාන සහිරා විදුහල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.