Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයට එරෙහිව එංගලන්තයේ ලීඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (29 වැනිදා) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 322 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායම, තරගයේ අවසන් දිනය වූ අද තරගය නිමා වීමට ඔන්න මෙන්න තිබියදී කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් ශායි හෝප්, දෙවැනි ඉනිමේදීද අගනා ශතකයක් (නොදැවී 118) ලබාගනිමින් කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
සිවුවැනි දිනය වූ ඊයේ (27 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි කොදෙව් කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 5 ක් ලබා සිටියේය. මුලු ලකුණු සංඛ්‍යාව 46 ක් වන විට අද දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 23 ක් ලබා සිටි කිරන් පවෙල් පිටියෙන් ඉවත් කිරීමට ස්ටුවට් බ්‍රෝඞ් සමත් විය.
ඉන් අනතුරුව පිටියට පිවිසි කයිල් හෝප්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාවක් නොලැබුණ අතර ලකුණු ලබා ගැනීමටත් පෙර ඔහු දුවද්දී දවාගැනීමකට හසුකර ගත් ස්ටුවට් බ්‍රෝඞ්, ආපයින්ම ඔහුව ක්‍රීඩාගාරය වෙත හරවා යැවීය.
එතැන් පටන් ආරම්භක පිතිකරු ක්‍රේග් බ්‍රැත්වෙයිට් (95) සමග එක්වූ ශායි හෝප්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 144 ක අගනා සම්බන්ධතාවක් ගොඩනගමින් කොදෙව් කණ්ඩායම ජයග්‍රාහී මාවතට යොමු කළේය. හතරේ පහර 12 ක් සමගින් ලකුණු 95 ක් ලබා ශතකය පෙනි පෙනී සිටියදී ඉතා අවාසනාවන්ත ලෙස මුයින් අලීගේ පන්දුවක් හමුවේ බෙන් ස්ටොක්ස් අතට උඩ පන්දුවක් දෙමින් ක්‍රේග් බ්‍රැත්වෙයිට් දැවීයාමත් සමග එම සම්බන්ධතාව බිඳ වැටිණ.
බ්‍රැත්වෙයිට්ගේ දැවීයාමෙන් අනතුරුවද සටන අත් නොහළ ශායි හෝප්, සිවුවැනි කඩුල්ල වෙනුවෙන් රොස්ටන් චේස් (30) සමග එක්ව ලකුණු 49 කද, පස්වැනි කඩුල්ල වෙනුවෙන් ජර්මියන් බ්ලැක්වුඞ් (41) සමග එක්ව ලකුණු 74 කද සම්බන්ධතා ගොඩනගමින් සිය කණ්ඩායමට වාර්තාගත ජයක් හිමිකර දුන්නේය.
එංගලන්තය පළමු ඉනිම - සියලු දෙනා දැවී 258
(මාර්ක් ස්ටෝන්මන් 19, ජෝ රූට් 59, බෙන් ස්ටොක්ස් 100, මුයින් අලී 22, ක්‍රිස් වෝක්ස් 23, ශැනොන් ගේබි්‍රයෙල් 51/4, කේමර් රෝච් 71/4)
බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම - සියලු දෙනා දැවී 427
(ක්‍රෙග් බ්‍රැත්වයිට් 134, ශායි හෝප් 147, ජර්මියන් බ්ලැක්වුඞ් 49, ජේසන් හෝල්ඩර් 43, ජේම්ස් ඇන්ඩසන් 76/5, බෙන් ස්ටොකස් 63/2)
එංගලන්තය දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 490
(ඇලිස්ටෙයාර් කුක් 23, මාර්ක් ස්ටෝන්මන් 52, ජෝ රූට් 72, ඬේවිඞ් මෙලන් 61, බෙන් ස්ටොක්ස් 58, ජොනී බෙයාස්ට්‍රෝ 18, මුයින් අලී 84, ක්‍රිස් වෝක්ස් නොදැවී 61, ස්ටුවට් බ්‍රෝඞ් නොදැවී 14, රොස්ටන් චේස් 86/3, ජේසන් හෝල්ඩර් 95/2, ශැනෝන් ගේබි්‍රයල් 125/2)
බටහිර ඉන්දීය කොදෙව් පිල දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 322
(ක්‍රෙග් බ්‍රැත්වයිට් 95, කිරන් පවෙල් 23, ශායි හෝප් නොදැවී 118, රොස්ටන් චේස් 30, ජර්මියන් බ්ලැක්වුඞ් 41, මුයින් අලී 76/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.