Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
අවසන් ඕවරයේදී අවශ්‍ය වූ ලකුණු 06 ලබාගත් චිනෙල් හෙන්රි සහ ශර්මේන් කැම්බල් (නොදැවී 41) ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියේ ජයග්‍රහණය බටහිර ඉන්දීය කොදෙව් පිලට අත්කර දුන්හ.
හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී ලකුණු 142 ක ඉලක්කයක් කරා ගිය කොදෙව් ක්‍රීඩිකාවෝ පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක ජයක් අත්පත් කරගත්හ.
විස්සයි-20 තරගාවලියේ පළමු තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වූ නමුත් දෙවැනි සහ තුන්වැනි තරග දෙකම ජයගත් කොදෙව් ක්‍රීඩිකාවෝ 2-1 ක් ලෙසින් තරගාවලිය ජයගත්හ. එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා පිලට හිමිවිය.
කාසියේ වාසිය දිනාගත් කොදෙව්වෝ පළමුව පන්දුවට පහරදීම ශ්‍රී ලංකා කණ්ඩායමට පැවරූයේ වර්ෂාවෙන් බාධාවත් ඇතිවුවහොත් එහි වාසිය ලබාගැනීමේ අපේක්ෂාවෙනි. විශ්මි ගුණරත්න වේලාසනින්ම දැවී ගියත් චමරි අතපත්තු (38), හර්ෂිතා සමරවික්‍රම (28) සහ කවීෂා දිල්හාරි (26) එක්ව ලකුණු 100 කඩඉමෙන් ඔබ්බට ශ්‍රී ලංකා පිල කැඳවාගෙන ගියහ.
වඩාත් වෘත්තීමය මට්ටමින් තරගයට අවතීර්ණ වූ කොදෙව් කාන්තා පිලේ ඉදිරිපෙළ පිතිකාරිණියන් තිදෙනා වන ස්ටෙෆනි ටේලර් (33), හේලි මැතිව්ස් (49) සහ ශර්මේන් කැම්බල් (නොදැවී 41) තම කණ්ඩායමට ජයග්‍රහණයේ මාවත විවර කර දුන්හ. ලකුණු 142 ක අභියෝගයක් ඉදිරියේ තිබියදී මෙම පිතිකාරිණියෝ තිදෙනා වරින් වර කණ්ඩායමේ බර කරට ගත්හ.
ටේලර් සහ හේලි මැතිව්ස් එක්ව, පළමු කඩුල්ල සඳහා, ඕවර 8 කින් ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ බැවින් ඉතිරි ලකුණු 81 ලබාගැනීමට ඕවර 12 ක් ඉතිරි විය. එතැන් සිට සෙසු පිතිකාරිණියන්ට තිබුණේ ලබාගත් ග්‍රහණය ලිහිල් නොකර තරගයේ ඉදිරියට යාමයි. පන්දු 40 කින් 5 ක් හතරේ සීමාවෙන් එපිටට යැවූ හේලි මැතිව්ස් සිය අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියද ශර්මේන් කැම්බල් තරගය ජයග්‍රහණය කරන තුරුම පිටියේ සිටියාය. කැම්බල් සහ ටේලර් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී පැවැති සම්බන්ධතාව ලකුණු 51 කි.
ඉලක්කයට ආසන්න වීමත් ඕවර සංඛ්‍යාව අවසන් වීමත් දෙකම එකට සිදුවෙද්දී චෙඩීන් නේෂන් සහ ආලියා ඇලේන් දෙදෙනා ප්‍රහාරාත්මක ස්ථාවරයකට පිවිසියද 18 සහ 19 වැනි ඕවර වලදී දෙදෙනාම දැවී ගියහ. එහෙත් අවසන් ඕවරයේදී මැනවින් කඩුලු අතර දිවගිය ශර්මේන් කැම්බල් සහ චිනෙල් හෙන්රි, ජයග්‍රහණයට අවශ්‍ය වූ ලකුණු 06 ලබාගත්හ.
ලකුණු 141 ක් යනු ඕවරයකදී ලකුණු 7.00 ඉක්මවනු ලබන වේගයකි. ශ්‍රී ලාංකික පිතිකාරිණියන් තම වගකීම ඉටුකර තිබූ නමුත් අද දිනයේ පන්දු යවන්නියෝ අසාර්ථක වූහ.
ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 7 ට 141 යි
(චමරි අතපත්තු 38, හර්ෂිතා සමරවික්‍රම 28, කවීෂා දිල්හාරි 26, නිලක්ෂිකා ද සිල්වා 12, අමා කාංචනා 19, ආලියා ඇලේන් 25/2, ඇෆී ෆ්ලෙචර් 25/2)
බටහිර ඉන්දීය කොදෙව් කාන්තාවෝ - ඕවර 19.5 කදී කඩුලු 4 ට 142 යි
(ස්ටෙෆනි ටේලර් 33, හේලි මැතිව්ස් 49, ශර්මේන් කැම්බල් නොදැවී 41, කාව්‍යා කාවින්දි 27/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.