Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 226 ක ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (10 වැනිදා) සමත් විය.
කොදෙව් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් ජයක් ලැබූ සිවුවැනි අවස්ථාව මෙය වන අතර අවසන් වරට ඔවුන් ශ්‍රී ලංකාව පරාජය කර ඇත්තේ 2008 වසරේදීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 452 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණඩායමට කොදෙව් පන්දු යවන්නන්ගේ ආක්‍රමණශීලී පන්දු යැවීම හමුවේ රැස්කරගත හැකි වූයේ එම ලකුණු සංඛ්‍යාවෙන් හරි අඩක් පමණි. ඒ අනුව තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට කොදෙව්වෝ සමත් වූහ.
අවසන් දිනය වූ ඊයේ තරගය ආරම්භ කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 176 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ සිවුවැනි කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් පිටියෙන් ඉවත් කිරීමට ශැනෝන් ගේබි්‍රයෙල් සමත් විය. ශතකය ලබාගත් විගස කඩුලු රකින ක්‍රීඩක ෂේන් ඩොව්රිච් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගිය මෙන්ඩිස්, සිය 5 වැනි ටෙස්ට් ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 10 කින් අලංකාර කළේය.
එතැන් පටන් ලකුණු පුවරුවට තවත් ලකුණු 6 ක් එක්වෙද්දී රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි ලහිරු ගමගේ (3) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට දෙවේන්ද්‍ර බිෂෝ සමත් විය.
ආබාධ තත්වයක් හේතුවෙන් සිවුවැනි දිනයේ පිටියෙන් ඉවත්ව ගිය නායක දිනේෂ් චන්දිමාල් ඊයේ දිනයේදී නැවතත් පන්දුවට පහරදීම සඳහා පිටියට පිසිවි නමුත්, ඔහුට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට නොහැකි විය. රොස්ටන් චේස්ගේ පන්දුවක් හමුවේ ක්‍රෙග් බ්‍රැත්වේට් අතට උඩපන්දුවක් දෙමින් පිටියෙන් ඉවත්ව යන විට චන්දිමාල් ලබා සිටියේ ලකුණු 27 ක් පමණි.
චන්දිමාල්ගේ දැවී යෑමෙන් අනතුරුව ලකුණු 8 ක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 4 ම බිඳ දැමීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූ අතර එම කඩුලු 4 න් 3 කටම හිමිකම් කීමට රොස්ටන් චේස් සමත් විය.
ලකුණු 19 ක් ලබා සිටියදී නිරෝෂන් දික්වැල්ල කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් චේස්, ඉන් නොනැවතී ඩොව්රිච්ගේ සහායද ඇතිව සුරංග ලක්මාල් (1) සහ ළහිරු කුමාර (0) ද පිටියෙන් ඉවත් කළේය.
ලකුණු ලබාගැනීමටත් පෙරාතුව ෂායි හෝප් අතට උඩපන්දුවක් දෙමින් රංගන හේරත් ආපසු ක්‍රීඩාගාරය වෙත ගියේ දෙවේන්ද්‍ර බිෂෝගේ සිවුවැනි ගොදුර බවට පත්වෙමිනි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.