Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව්වෝ සැනසිලි සහගත ජයක් ලබති

කොදෙව්වෝ සැනසිලි සහගත ජයක් ලබති

editorial - 2024 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඕස්ට්‍රේලියාව අතර පර්ත් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 37 ක සැනසිලි සහගත ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව අද (13 වැනිදා) සමත් විය. මෙම තරගය ජයගැනීමට කොදෙව්වන් සමත් වූවද, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ජය 2-1 ක් ලෙස ඕස්ට්‍රේලියාව සතුවිය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 221 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාට ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 183 ක් පමණි. රොස්ටන් චේස් ලකුණු 19 කට කඩුලු 2 ක්ද, රොමාරියෝ ශෙපර්ඩ් ලකුණු 31 කට කඩුලු 2 ක්ද දවාගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ. 

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පන්දු 49 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 81 ක් රැස්කළ අතර ටිම් ඩේවිඩ් පන්දු 19 කින් නොදැවී ලකුණු 41 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුනු 220 ක් රැස්කළ අතර එහිදී ප්‍රවේගකාරි පිතිහරඹයක නිරත වූ ඔන්ඩි්‍ර රසල් පන්දු 29 කදී  හයේ පහර 7 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 71 ක් රැස්කළේය. එය ඔහුගේ තෙවැනි විස්සයි-20 අර්ධ ශතකය බවට පත් විය. 

ලකුණු 79 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී ශර්ෆේන් රදර්ෆෝඩ් (නොදැවී 67) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 66 කදී ලකුණු 139 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙන යෑමටද රසල් සමත් විය. පන්දු 40 කදී වාර්තා වූ රදර්ෆෝඩ්ගේ ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. 

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 220  
(රොස්ටන් චේස් 37, රෝමන් පවෙල් 21, ශර්ෆේන් රදර්ෆෝඩ් නොදැවී 67, ඔන්ඩි්‍ර රසල් 71, සේවියර් බාට්ලට් 37/2) 

ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 183 
(මිචෙල් මාෂ් 17, ඩේවිඩ් වෝනර් 81, ටිම් ඩේවිඩ් නොදැවී 41, රොස්ටන් චේස් 19/2, රොමාරියෝ ශෙපර්ඩ් 31/2) 

-036 


අදහස් (0)

කොදෙව්වෝ සැනසිලි සහගත ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.