Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව්වෝ 2-0 කින් පෙරමුණ ගනිති

කොදෙව්වෝ 2-0 කින් පෙරමුණ ගනිති

editorial - 2023 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව ගයානාහිදී පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 153 ක ඉලක්කයක් හඹාගිය කොදෙව්වෝ, පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලු 8 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. පන්දු 40 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමග වේගවත් ලකුණු 67 ක් රැස්කළ නිකලස් පූරන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 152 ක් පමණි. එහිදී රොමාරියෝ ශෙපඩ්, අල්සාරි ජෝෂප් සහ අකීල් හොසේන් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ඉන්දීය පිතිකරුවන් පීඩනයට පත්කළහ.  

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ තිලක් වර්මා පන්දු 41 කින් ලකුණු 51 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි. ආරම්භක පිතිකරු ඉෂාන් කිෂන් පන්දු 23 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 27 ක්ද, නායක හර්දීක් පාණ්ඩ්‍යා පන්දු 18 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 24 ක්ද රැස්කළහ.


ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 152
(ඉෂාන් කිෂන් 27, තිලක් වර්මා 51, හර්දීක් පාණ්ඩ්‍යා 24, අක්සර් පටේල් 14, රොමාරියෝ ශෙපඩ් 28/2, අල්සාරි ජෝෂප් 28/2, අකීල් හොසේන් 29/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 18.5 කදී කඩුලු 8 ක් දැවී 155
(කයිල් මේයස් 15, නිකලස් පූරන් 67, රෝමන් පවෙල් 21, ශිම්රන් හැට්මෙයර් 22, අකීල් හොසේන් නොදැවී 16, හර්දීක් පාණ්ඩ්‍යා 35/3, යුස්වේන්ද්‍ර චාහල් 19/2)

-036


අදහස් (0)

කොදෙව්වෝ 2-0 කින් පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.