Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව් ටෙස්ට් සංචිතයට ඩෙවෝන් ස්මිත් යළි කැඳවයි

කොදෙව් ටෙස්ට් සංචිතයට ඩෙවෝන් ස්මිත් යළි කැඳවයි

Nisanka Sandeepani - 2018 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර තුනක කාලයකට පසු වමත් පිතිකරු ඩෙවෝන් ස්මිත්, බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් සංචිතයට කැඳවීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඔහු කොදෙව් සංචිතයට කැඳවා ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය වෙනුවෙනි. 

පළමු පෙළ සිවුදින තරගාවලියේදී ශතක 6 ක් සමග ලකුණු 1095 ක් රැස්කරමින් දැක්වූ දස්කම් මත ඩෙවොන් ස්මිත් නැවතත් ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ. පළමු පෙළ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවටද පත්වූ ස්මිත් එහිදී 84.23 ක ලකුණු රැස්කිරීමේ සාමාන්‍යයක් රැදවා ගැනීමටද සමත්ව ඇත. 

මේ දක්වා ටෙස්ට් තරග 38 කදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩයම නියෝජනය කර ඇති ස්මිත්, එහිදී අර්ධ ශතක 6 ක් සහ ශතකයක් සමගින් ලකුණු 1593 ක් රැස්කරගෙන තිබේ. ටෙස්ට් තරගයකදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය සටහන් වන්නේ 24.51 ක් ලෙසිනි. 
තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති 27 හැවිරිදි කඩුලු රකින පිතිකරු ජමාර් හැමිල්ටන්ද මෙම තරගාවලියේදී කොදෙව් සංචිතයට කැඳවා සිටියි. 2008 වසරේ සිට කොදෙව් පළමු පෙළ තරගවලට සහභාගි වූ ජමාර් හැමිල්ටන් ටෙස්ට් කණ්ඩායමට කැඳවීම් ලැබූ පළමු අවස්ථාව මෙයයි. 

මේ අතර අවසන් වරට නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී කොදෙව් කණ්ඩායම නියෝජනය කළ සුනිල් ඇම්බ්‍රෝස්, ජර්මේන් බ්ලැක්වුඞ්, අල්සාරී ජෝෂප් සහ රේමන් රීෆර් යන ක්‍රීඩකයන්ට මෙම තරගාවලියේදී කොදෙව් සංචිතයේ ස්ථාන අහිමි වී තිබේ.  
ශ්‍රී ලංකාව සහ කොදෙව් පිල අතර තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ මස 26 වැනිදා සිට ජූනි මස 28 වැනිදා දක්වා පැවැත්වේ. එහි පළමු තරගය  ට්‍රිනිඩෑඞ්හිදීද, දෙවැන්න ශාන්ත ලුසියාහිදීද, තෙවැන්න (දිවා-රාත්‍රී) බාර්බඩෝස්හිදීද පැවැත්වීමට නියමිතය. 

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය 

ජේසන් හෝල්ඩර් (නායක), දේවේන්ද්‍ර බිෂෝ, ඩෙවොන් ස්මිත්, ක්‍රේග් බ්‍රැත්වේට්, කිරන් පවෙල්, රොස්ටන් චේස්, මිගෙල් කමින්ස්, ෂේන් ඩව්රිච්, ෂැනෝන් ගේබි්‍රයෙල්, ජමාර් හැමිල්ටන්, ශිම්රන් හැට්මියර්, ශේයි හෝප් සහ කේමර් රෝච් 

 

- 036


අදහස් (0)

කොදෙව් ටෙස්ට් සංචිතයට ඩෙවෝන් ස්මිත් යළි කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.