Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය දෙවැනි දිනයේ (15 වැනිදා) දිවා ආහාරය සඳහා නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි කොදෙව් කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 65 ක් ලබා සිටියේය.
දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට වට පන්දුවට පහරදෙමින් සිටි ඩෙවෝන් ස්මිත් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 29 ක්ද, කිරන් පවෙල් ලකුණු 3 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ නිවැරදි එල්ලයක් සහිත පන්දු යැවීම හමුවේ කොදෙව් පිතිකරුවන් ඉතාමත් ආරක්ෂාකාරී ලෙස පන්දුවට පහරදුන් නමුත්, අද දිනයේදී අකිල ධනංජය යැවූ පළමු ඕවරයේදීම හතරේ පහරක් සහ හයේ පහරක් සමගින් ලකුණු 12 ක් රැස්කිරීමට ඩෙවෝන් ස්මිත් සමත් විය.
පළමු දිනය වූ ඊයේ (14 වැනිදා) තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 2 ක් ලබා සිටි කොදෙව් ක්‍රීඩකයෝ අද දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන සිය පළමු ඉනිමට තවත් ලකුණු 63 ක් එක්කර ගත්හ.
දිනයේ පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු ක්‍රේග් බ්‍රැත්වේට් පිටියෙන් ඉවත්ව ගියේ කසුන් රාජිතගේ මංගල ටෙස්ට් කඩුල්ල බවට පත්වෙමිනි. කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් දෙමින් දැවී යන විට බ්‍රැත්වේට් ලබා සිටියේ ලකුණු 22 ක් පමණි.
ලකුණු 7 ක් ලබා සිටියදීද ක්‍රේග් බ්‍රැත්වේට් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුගැනීමට ළහිරු කුමාර ඉල්ලීමක් කළ නමුත් ප්‍රධාන විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. කෙසේ වුවත් එම තීරණය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යොමු කිරීමට නායක දිනේෂ් චන්දිමාල් කටයුතු කළ අතර විඩීයෝ දර්ශන නැරඹීමෙන් අනතුරුව තෙවැනි විනිසුරුවරයාද ප්‍රධාන විනිසුරුගේ තීරණය හා එකඟ වෙමින් බ්‍රැත්වෙයිට් නොදැවුණ ක්‍රීඩකයකු බවට සංඥා කළේය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.