Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව් පිලෙන් සාර්ථක ආරම්භයක්

කොදෙව් පිලෙන් සාර්ථක ආරම්භයක්

Nisanka Sandeepani - 2018 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි සබීනා උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය පළමු දිනය සඳහා නතර කරන විට පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 295 ක් ලබා සිටියේය. 

පළමු දිනය නිමාවන විට පන්දුවට පහරදෙමින් සිටි ශිම්රොන් හෙට්මෙයර් ලකුණු 84 ක්ද, රොසේටන් චේස් ලකුණු 16 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව කොදෙව් ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩගනා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 48 කි. 

තරමක් වේගවත් පිතිහරඹයක නිරත වෙනුවෙමින් සිය දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් හෙට්මියර්, හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් එය අලංකාර කළේය. ආරම්භක පිතිකරු ක්‍රේග් බ්‍රැත්වේට් (110) සමග එක්ව කොදෙව් ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක සම්බන්ධතාවක් ගොඩගැනීමටද හෙට්මියර් සමත් විය. 

හතරේ පහර 9 ක් සමග සිය 8 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කළ බ්‍රැත්වෙයිට් දැවී යෑමත් සමග සිවුවැනි කඩුල්ලේ සම්බන්ධතාව නිමවට පත්විය. කිරන් පවෙල් (29) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක්ද, ශායි හෝප් (29) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක්ද එක්කරමින් කොදෙව් ඉනිම ගොඩනැගීමට බ්‍රැත්වෙයිට් පුරෝගාමී විය. 

කොදෙව් ඉනිමේ බිඳවැටුණ කඩුලු 4 න් 3 කටම හිමිකම් කීමට බංග්ලාදේශ දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක මෙහෙදි හසන් සමත් විය. තයිජුල් ඉස්ලාම්ගේ සහ මොමිනුල් හක්ගේ උඩ පන්දු රැකගැනීම් හමුවේ ක්‍රේග් බ්‍රැත්වේට් සහ ඩෙවොන් ස්මිත් දවාගත් මෙහෙදි හසන්, කිරන් පවෙල් පිටියෙන් ඉවත් කළේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි. 

බටහිර ඉන්දීය කොදෙව් පිල - පළමු ඉනිම කඩුලු 4 කට 295 

(ක්‍රේග් බ්‍රැත්වේට් 110, කිරන් පවෙල් 29, ශායි හෝප් 29, ශිම්රොන් හැට්මෙයර් නොදැවි 84, රොස්ටන් චේස් නොදැවී 16) 

-036 

 

අදහස් (0)

කොදෙව් පිලෙන් සාර්ථක ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.