Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව් පිලේ එක්දින නායකයා හෝල්ඩර්

කොදෙව් පිලේ එක්දින නායකයා හෝල්ඩර්

ශනුක අරවින්ද - 2014 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් එක්දින පිලේ නව නායකයා ලෙස 23 හැවිරිදි ජෙසන් හෝල්ඩර් පත්කර තිබේ. 2013 වසරේ පෙරබවාරි මාසයේදී  ඕස්ටේ‍්‍රලියා පිලට එරෙහිව එක්දින වරම් දිනාගත් හෝල්ඩර්, මේ වන විට එක්දින තරග 21 කට කී‍්‍රඩා කර තිබේ.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලියට පෙර දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව ජනවාරි මස 16 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියේදී මෙන්ම පෙබරවාරි මස 16 වැනිදා ආරම්භ වීමට නියමිත අයර්ලන්ත සංචාරයේදීද කොදෙව් පිල මෙහෙයවීමේ වගකීම හෝල්ඩර්ට හිමිවනු ඇත.

කොදෙවේ පිලේ හිටපු නායක ඞ්වේන් බ‍්‍රාවෝ, ඩැරන් සැමී සහ කරන් පොලාඞ් යන කී‍්‍රඩකයන් දකුණු අපි‍්‍රකාව සමග පැවැත්වෙන් එක්දින තරගාවලියෙන්ද ඉවත් කර ඇති අතර දකුණු අපි‍්‍රකාවේදී පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගි වන කණ්ඩායමම බොහෝ දුරට ඔවුන්  ඕස්ටේ‍්‍රලියාවේදී සහ නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියෙන්ද ඉවත් කිරීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

කොදෙව් පිලේ නායකයා වශයෙන් සිටි කාලයේදී ඉන්දියාව සමග පැවැති එක්දින තරගාවලිය වර්ජනය කිරීමට කී‍්‍රඩකයන් පෙළඹවීම පිළිබඳව ඞ්වේන් බ‍්‍රාවෝට චෝදනා එල්ල වී තිබීම මෙලෙස නායකත්වයේ වෙනසක් කිරීමට හේතු වී ඇතැයි වාර්තා වේ.

”ඔහුට (හෝල්ඩර්ට) කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙනවා. ඒ වගේම ඔහු තුළ හොඳ නායකයකුගේ ලක්ෂණ තිබෙනවා” යැයි කොදෙව් තේරීම් කමිටු සභාපති ක්ලයිව් ලොයිඞ් මහතා මෙම පත්කිරීම පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේය.

”නායකත්වයේ යම් වෙනසක් කිරීමට මෙය තමා නියම වේලාව කියා තේරීම් කමිටුව තීරණය කළා. හෝල්ඩර්ට මඟ පෙන්වන්න හුගක් අය එයා වටේ හිදීවි.”

”සමහරු කියනවා ලෝක කුසාලන තරගාවලිය අත ලඟ තියාගෙන නායකත්වයේ වෙනසක් කරන එක එතරම් හොඳ නෑ කියලා. ඒත් අපි දන්නවා අපිට ඉතා හොඳින් කී‍්‍රඩා කරන්න පුලූවන් එක්දින කණ්ඩායමක් ඉන්නවා කියලා” තේරීම් කමිටු සභාපතිවරයා තවදුරටත් කියා සිටියේය.

036


අදහස් (0)

කොදෙව් පිලේ එක්දින නායකයා හෝල්ඩර්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.