Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව් පිලට ලකුණු 150 ක ජයක්

කොදෙව් පිලට ලකුණු 150 ක ජයක්

ශනුක අරවින්ද - 2015 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 


ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ 10 වැනි තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් පිල සහ පාකිස්තානය අතර අද (21 වැනිදා) ක‍්‍රයිස්ට්චර්ච්හිදී පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 150 ක පහසු ජයක් අත්කර ගැනීමට කොදෙව් පිල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 311 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන පිලට  ඕවර 39 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 160 ක් පමණි.

මුුලූ ලකුණු සංඛ්‍යාව 1 ක්ව තිබියදී පාකිස්තාන පිලේ පළමු කඩුලූ 4 ම දැවී ගිය අතර ලකුණු 25 වන විට 5 වැනි කඩුල්ලද බිඳ වැටීම නිසා ඔවුහු දැඩි අපහසුතාවකට පත්වූහ.

පාකිස්තාන පිලේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 90 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ශොයිබ් මක්සූද් (50) සහ උමාර් අක්මාල් (59) සමත් වුවද තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යෑමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය.  

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජෙරම් ටේලර්, පාකිස්තාන පිලේ මුල් පෙළ පිතිකරුවන් තිදෙනකුම (නසීර් ජම්ශේඞ්, අහමඞ් ශේෂාඞ් සහ හැරිස් සොහේල්) ලකුණු ලබාගැනීමට පෙර ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට සමත් විය. ඔහුගේ පන්දු යැවීම සටහන් වූයේ  ඕවර 7 කදී ලකුණු 15 කට කඩුලූ 3 ක් ලෙසිනි.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දක්වමින් ලකුණු 33 කට කඩුලූ 3 ක් දවාගත් ඇන්ඩි‍්‍ර රසල් තරගයේ වීරයා බවට පත් විය.

කාසියේ වාසිය දිනූ පාකිස්තාන පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිල  ඕවර 50 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 310 ක් ලබාගත්තේය.

එහිදී කොදෙව් පිල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට ඩිනේෂ් රැම්ඩින් (51) සහ ලෙන්ඞ් සිමන්ස් (50) සමත් වූහ.

පන්දු 43 කදී වාර්තා වූ රැම්ඩින්ගේ අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතළත් වූ අතර පන්දු 46 කදී වාර්තා වූ සිමන්ස්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

පන්දු 78 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 49 ක් ලබාසිටි ඩැරන් බ‍්‍රාවෝ සිය අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට පෙර තුවාල ලබා පිටියෙන් ඉවත් විය.

කොදෙව් ඉනිමේ අවසන් පන්දු කිහිපයකට මුහුණදුන් ඇන්ඩි‍්‍ර රසල් පන්දු 13 කදී වේගවත් ලකුණු 42 ක් රැස්කිරීමට සමත්වූ අතර ඔහුගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය.

පාකිස්තාන පිල වෙනුවෙන් හැරිස් සොහේල් ලකුණු 62 කට කඩුලූ 2 ක් දවාගත් අතර ඔහු ඇතුළු පන්දු යවන්නන් මෙම තරගයේදී කොදෙව් පිලට අතිරේක ලකුණු 23 ක් ලබාදුන්හ.


කොදෙව් පිල - ඕවර 50 කදී කඩුලූ 6 ක් දැවී 310
(ඞ්වේන් ස්මිත් 23, ඩැරන් බ‍්‍රවෝ 49, මාලන් සැමුවෙල්ස් 38, ඩිනේෂ් රැම්ඩින් 51, ලෙන්ඞ්ල් සිමන්ස් 50, ඩැරන් සැමී 30, ඇන්ඩි‍්‍ර රසල් නොදැවී 42, හැරිස් සොහේල් 62/4)

පාකිස්තානය - ඕවර 39 කදී සියලූ දෙනා දැවී 160
(ශොයිබ් මක්සූද් 50, උමාර් අක්මාල් 59, සහීඞ් අෆ්රිඩි 28, ජෙරම් ටේලර් 15/3, ඇන්ඩි‍්‍ර රසල් 33/3, සුලෙයිමන් බෙන් 39/2)


- 036

 

 


අදහස් (0)

කොදෙව් පිලට ලකුණු 150 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.