Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව් පිලට කඩුලූ 6 ක ජයක්

කොදෙව් පිලට කඩුලූ 6 ක ජයක්

ශනුක අරවින්ද - 2015 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු වටයේ 41 වැනි තරගය ලෙස එක්සත් ආරාබි එමීර් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අද (15 වැනිදා) නේපියර්හිදී පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 6 ක ජයක් අත්කර ගැනීමට කොදෙව් පිල සමත් විය. 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කී‍්‍රඩකයෝ  ඕවර 30.3 ක් අවසානයේ කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. 

පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 79 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ජොනතන් කාටර් (නොදැවී 50) සහ ඩිනේෂ් රැම්ඩින් (නොදැවී 33) එක්ව කොදෙව් පිල ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ. 

ජොනතන් කාටර් පන්දු 58 කදි හතරේ පහර 5 ක් සමගින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. 

ආරම්භක පිතිකරු ජොන්සන් චාල්ස් පන්දු 40 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමගින් වේගවත් ලකුණු 55 ක් රැස්කරමින් කොදෙව් පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. 

කාසියේ වාසිය දිනූ කොදෙව් පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් එක්සත් ආරාබි එමීර් පිලට  ඕවර 47.4 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 175 ක් පමණි. 

ලකුණු 46 කට කඩුලූ 6 ක් දැවී එක්සත් ආරාබි එමීර් පිල අසීරු අඩියක පසුවූ අවස්ථාවේ අම්ජාඞ් ජාවේද් (56) සහ නසීර් අසීස් (60) එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 160 කදී ලකුණු  107 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම් ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 

පන්දු 99 කදී වාර්තා වූ අම්ජාඞ් ජාවේද්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 88 කදී වාර්තා වූ නසීර් අසීස්ගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත් විය. 

එක්සත් අරාබි එමීර් පිලේ පිතිකරුවන් 7 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර ආපසු කී‍්‍රඩාගාරය වෙත හරවා යැවීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූ අතර ඉන් සිව්දෙනෙක්ම පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා දැවී ගියහ. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ කොදෙව් නායක ජේසන් හෝල්ඩර් ලකුණු 27 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් විය. එක්සත් අරාබි එමීර් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ලකුණු 36 කට කඩුලූ 3 ක් දවාගත් ජෙරම් ටේලර්ගෙන් සහ ලකුණු 20 කට කඩුලූ 2 ක් දවාගත් ඇන්ඩි‍්‍ර රසල්ගෙන්  හෝල්ඩර්ට අගනා සහයක් හිමිවිය. 

 

එක්සත් අරාබි එමීර් පිල - ඕවර 47.4 කදී සියලූ දෙනා දැවී 175 
(අම්ජාඞ් ජාවේද් 56, නසීර් අසීස් 60, ජේසන් හෝල්ඩර් 27/4, ජෙරම් ටේලර් 36/3, ඇන්ඩි‍්‍ර රසල් 20/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 30.3 කදී කඩුලූ 6 ක් දැවී 176
(ඞ්වේන් ස්මිත් 15, ජොන්සන් චාල්ස් 55, ජොනතන් කාටර් නොදැවී 50, ඩිනේෂ් රැම්ඩින් නොදැවී 33, මෙංජුල ගුරුගේ 40/2)

 

- 036


අදහස් (0)

කොදෙව් පිලට කඩුලූ 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.