Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව් පිල ලකුණු 148 කට සීමා වෙයි

කොදෙව් පිල ලකුණු 148 කට සීමා වෙයි

Dilrukshi - 2015 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක  ඕස්ටේ‍්‍රලියානු පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග දෙකකින් සමන්විත ‘ශ‍්‍රීමත් ෆෑන්ක් වොරල්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පළමු ඉනිම ලකුණු 148 කට සීමා කිරීමට  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ සමත් වූහ. මෙම තරගය ඩොමිනිකාහිදී වින්ඞ්සර් උද්‍යාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

පළමු දිනයේ ක‍්‍රීඩාව අත්හිටුවන විට  ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 85 ක් රැුස්කර සිටියේය.

දිනය අවසන් වන විට ස්ටීව් ස්මිත් (නොදැවී 17) සහ ඇඩම් වෝග්ස් (නොදැවී 20) පන්දුවට පහර දෙමින් සිටියහ. ප‍්‍රවේගකාරී පිතිකරු ඬේවිඞ් වෝනර් පන්දු 8 කදී ලකුණු 8 ක් රැස්කරමින් පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. ෂෝන් මාෂ් (19) සහ නායක මයිකල් ක්ලාක් (18) දැවී යෑමත් සමඟ ලකුණු 61 කට කඩුලූ 3 ක් බවට පත්විය.

ශායි හෝප් ලකුණු 36 ක් රැස්කරමින් කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. මිචෙල් ජොන්සන් (34/3) සහ ජෝෂ් හේසල්වුඞ් (33/3) කඩුලූ තුන බැගින් දවා ගැනීමට සමත් වූහ.

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම  ඕවර 53.5 කදී සියලූ දෙනා දැවී 148

(ශායි හෝප් 36, ඩැරන් බ‍්‍රාවෝ 19, ෂේන් ඩොව්රික් 15, දිනේෂ් රැම්ඩින් 19, ජේසන් හෝල්ඩර් 21, මිචෙල් ජොන්සන් 34/3, ජෝෂ් හේසල්වුඞ් 33/3, මිචෙල් ස්ටාක් 48/2)

ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම  ඕවර 30 කදී කඩුලූ 3 ට 85

(ෂෝන් මාෂ් 19, ස්ටීව් ස්මිත් නොදැවී 17, මයිකල් ක්ලාක් 18, ඇඩම් වෝග්ස් නොදැවී 20)

-048

 


අදහස් (0)

කොදෙව් පිල ලකුණු 148 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.